(අවසන් වරට යාවත්කාලීන කිරීම 2020 අප්‍රේල් 28 පස්වරු 1.00ට)
අප්‍රේල් 28 පස්වරු 12 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක ආසාදිතයින් 3,066,417ක් හෙවත් මිලියන 3කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 211,663 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව පුරා සිදුවී ඇති මරණ ප්‍රමාණය ආසාදිත ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 6.9%ක ප්‍රමාණයකි. සුවය ලබා ඇති ප්‍රමාණය 923,448කි.
මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 7ක් ආසාදිතයින් ප්‍රමාණය 100,000 ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය හා තුර්කියයි යි.
එමෙන්ම රටවල් 5ක් මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අතර පිලිවෙළින් ඇමරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා එක්සත් රාජධානියයි.
ඇමරිකාවේ තත්වය
වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 28 පස්වරු 12 වන විට 1,010,507ක් වන අතර එය ලොව පුරා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න ප්‍රමාණයකි. ඉන් 56,803 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුලයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 139,162ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 814,542ක් සිටී. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 5,696,928ක් පමණ වේ.
ස්පාඤ්ඤයේ තත්වය
දෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. අප්‍රේල් 28 වන විට එහි සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 229,422ක් වාර්තා වී ඇති අතර ඉන් 23,521 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 10%කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 1,345,560ක් පමණ වේ.
ඉතාලියේ තත්වය
අප්‍රේල් 28 පස්වරු 12 වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 199,414ක් වාර්තා වී ඇති අතර ඉන් 26,977ක් මියගොස් තිබෙනවා. එය වෛරසයෙන් රටක මියගොස් ඇති දෙවන වැඩිම ප්‍රමාණයයි. මරණ අනුපාතය 13% ඉක්මවා තිබෙනවා. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 1,789,662ක් පමණ වේ.
ප්‍රංශයේ තත්වය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර එම ප්‍රමාණය 165,842ක් වුවත් මරණයට පත්වී පත් වූවන් 23,293ක ප්‍රමාණයක් වාර්තා වන අතර 45,513ක් සුව වී තිබෙනවා. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 463,662ක් පමණ වේ.
ජර්මනියේ තත්වය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 158,758ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 6,126ක ප්‍රමාණයකි. ජර්මනියේ මරණ අනුපාතය 3.5%කි. ඔවුන් වෛරසය සමග සටන් කර රටවල් අතර ඉහළට පැමිණීමට ඉහළ ආසාදිතයින් පිරිසක් වාර්තා වුවත් මරණ අනුපාතය පහළ අගයක පවත්වා ගැනීමට හැකි වී තිබීම බලපා තිබෙනවා. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 2,072,669ක් පමණ වේ.
එක්සත් රාජධානිය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 157,149ක් වන අතර ඉන් 21,092ක් මරණයට පත්ව තිබේ. වෛරසය වැළඳීමෙන් අනතුරුවය සුවය ලැබූ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවත සේවයට එක් වී තිබෙනවා. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 719,910ක් පමණ වේ.
නවසීන්තයේ මොකද උනේ? තත්වය කෙටියෙන්
නවසීලන්තය තුළ වෛරසයේ පැතිරීම හා ප්‍රජාව අතර සම්ප්‍රේෂණය මර්දනය කර ඇති බව එරට අගමැතිනිය වන ජෙසින්ඩා ආර්ඩන් සඳහන් කර සිටියා. තවත් ආසාදිතයින් වාර්තා වීම් කිහිපයක් ඇති බවත් එය මර්දනය කිරීමෙන් පසු දෙවන රැල්ලක් ඇති නොවීම සඳහා කටයුතු කළ යුතු බවත් ඇය පැවසුවා. නවසීලන්තයෙන් වාර්තා වන වෛරස් ආසාදිතයින් ප්‍රමාණය 1,472ක් වන අතර ඉන් 19ක් මරණයට පත්ව තිබේ. 1,214 දෙනෙකු දැනට සුවය ලබා ඇති අතර 239 දෙනෙකු පමණක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා. දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ගණන තනි ඉලක්කමේ ගණනක් දක්වා අඩු වී ඇති බවද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. නවසීලන්තය තුල කොරෝනා පරීක්ෂණ 126,066ක් සිදුකර ඇති බවද වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ තත්වය කෙටියෙන්
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන වෛරස් ආසාදිතයින් ප්‍රමාණය 6,725ක් වන අතර ඉන් 84ක් මරණයට පත්ව තිබේ. 5,602 දෙනෙකු දැනට සුවය ලබා ඇති අතර 1,039 දෙනෙකු පමණක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඕස්ට්‍රේලියාව තුල කොරෝනා පරීක්ෂණ 517,063ක් සිදුකර ඇති බවද වාර්තා වේ.
ආසාදිතයින් අඩු තත්වයකදී පවා වැඩිම වෛරස් පරීක්ෂාවන් ප්‍රමාණයක් කර ඇති රුසියාවේ තත්වය කෙටියෙන්
රුසියාවෙන් වාර්තා වන වෛරස් ආසාදිතයින් ප්‍රමාණය 87,147ක් වන අතර ඉන් 794ක් මරණයට පත්ව තිබේ. 7,346 දෙනෙකු දැනට සුවය ලබා ඇති අතර 79,007දෙනෙකු සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා. රුසියාව තුල කොරෝනා පරීක්ෂණ 3,019,434ක් සිදුකර ඇති බවද වාර්තා වේ. එය සමස්ථයක් ලෙස ගත් කළ රටක් අඩු ආසාදිතයින් ප්‍රමාණයක් සිටියදී සිදුකළ වැඩිම කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය වන බව විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එමෙන්ම ලොව රටක් සිදුකළ කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය අතින් දෙවෙනි තැනට පත්ව සිටින්නේද මිලියන 3කට අධික පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ රුසියාවයි.
ලොව රටවල් 6ක් ආසාදිතයින් ලක්ෂය ඉක්මවද්දී රටවල් 5ක් මරණ දසදහස ඉක්මවයි (අප්‍රේල් 23 පස්වරු 4.00ට)
අප්‍රේල් 23 පස්වරු 12 වන විට ලොව පුරා රටවල් 210ක ආසාදිතයින් 2,648,347ක් වාර්තා වන අතර ඉන් 184,614 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව පුරා සිදුවී ඇති මරණ ප්‍රමාණය ආසාදිත ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 6.9%ක ප්‍රමාණයකි.
මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 6ක් ආසාදිතයින් ප්‍රමාණය 100,000 ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය හා එක්සත් රාජධානියයි.
එමෙන්ම රටවල් 5ක් මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අතර පිලිවෙළින් ඇමරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා එක්සත් රාජධානියයි.
ඇමරිකාවේ තත්වය
වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 23 පස්වරු 12 වන විට 849,092ක් වන අතර එය ලොව පුරා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න එනම් (32%)ක පමණ ප්‍රමාණයකි. ඉන් 47,681 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුලයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 84,050ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 717,361ක් සිටී.
ස්පාඤ්ඤයේ තත්වය
දෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. අප්‍රේල් 23 වන විට එහි සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 208,389ක් වාර්තා වී ඇති අතර ඉන් 21,717 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 10%කි.
ඉතාලියේ තත්වය
අප්‍රේල් 23 පස්වරු 12 වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 187,327ක් වාර්තා වී ඇති අතර ඉන් 25,085ක් මියගොස් තිබෙනවා. එය වෛරසයෙන් රටක මියගොස් ඇති දෙවන වැඩිම ප්‍රමාණයයි. මරණ අනුපාතය 13% ඉක්මවා තිබෙනවා. එහෙත් අවසන් දින 10 තුළ ඉතාලියේ තත්වය තරමක් දුරට සමනය වී ඇත.
ප්‍රංශය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර එම ප්‍රමාණය 159,877ක් වුවත් මරණයට පත්වී පත් වූවන් 21,340ක ප්‍රමාණයක් වාර්තා වන අතර 40,657ක් සුව වී තිබෙනවා.
ජර්මනිය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 150,729ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 5,315ක ප්‍රමාණයකි. ජර්මනියේ මරණ අනුපාතය 3.5%කි. ඔවුන් වෛරසය සමග සටන් කර රටවල් අතර ඉහළට පැමිණීමට ඉහළ ආසාදිතයින් පිරිසක් වාර්තා වුවත් මරණ අනුපාතය පහළ අගයක පවත්වා ගැනීමට හැකි වී තිබීම බලපා තිබෙනවා.
එක්සත් රාජධානිය
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 133,495ක් වන අතර ඉන් 18,100ක් මරණයට පත්ව තිබේ.
දකුණු ආසියාවේ තත්වය
දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 21,797ක් වන අතර අප්‍රේල් 13 දින සිට අප්‍රේල් 23 දක්වා නව ආසාදිතයින් ප්‍රමාණය 10,000කින් පමණ ඉහළගොස් තිබෙනවා. එනම් අවසන් දින 10 තුළ ආසාදිතයින් දෙගුණ වීමක් සිදුව තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 681ක් මරණයට පත්ව තිබෙනවා.
දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 10,513ක් ලෙස සටහන් වී තිබෙනවා. අවසන් දින 10 තුළ සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය දෙගුණ වී තිබීම විශේෂත්වයක්. ඉන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අප්‍රේල් 23 පස්වරු 4 වන විට සමස්ථ ආසාදිතයින් 334 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් 105ක් සුවය ලබා තිබෙනවා. අවසන් දින 10 තුළ එනම් අප්‍රේල් 13 පස්වරු 12 සිට අප්‍රේල් 23 පස්වරු 4 තෙක් නව ආසාදිතයින් 118 දෙනෙකු එකතු වී ඇති අතර එම ප්‍රමාණය 56%ක පමණ වැඩි වීමකි. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් සිටින රටවල් දෙක වන ඉන්දියාවේ හා පාකිස්ථානයේ ආසාදිතයින් සංඛ්‍යාව 100%කින් ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 56%කින් පමණ ඉහළ ගොස් තිබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස හඳුනාගත හැක. එමෙන්ම එම කාලය තුළ ශ්‍රී ලංකාවේ කිසිඳු මරණයක්ද වාර්තා වී නැත. රටක් ලෙස වැඩිම පූර්ව සූදානමකින් සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව සැළකෙන අතර ඒ හේතුවෙන් වෛරසය පාලනය කිරීම හා ඊට නායකත්වය සැපයීම යන කරුනු මත ඕස්ට්‍රේලියාව ICMA ආයතනය විසින් සිදුකළ ලෝක වර්ගීකරණයක 9 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.
අවසන් දින 10 තුළ වෛරසයේ බලපෑම පුදුම සහගතයි (අප්‍රේල් 14 පස්වරු 1.00ට)
අප්‍රේල් 14 පස්වරු 12 වන විට ලොව පුරා රටවල් 206ක ආසාදිතයින් 1,926,235ක් වාර්තා වන අතර ඉන් 119,729 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය ආරම්භ වූ දින සිට අප්‍රේල් 3 වන දින දක්වා මාස 3ක කාලයකදී මරණ සංඛ්‍යාව 53,242ක් වූ අතර අවසන් දින 10 තුළ පමණක් සිදුවූ මරණ ගණන 66,000කට අධිකයි. ලොව පුරා සිදුවී ඇති මරණ ප්‍රමාණය ආසාදිත ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 6%ක ප්‍රමාණයකි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මිය යන ප්‍රමාණය ලෙස දක්වන්නේ 2%ත් 3%ත් අතර ප්‍රමාණයක් වන අතර එය ප්‍රායෝගිකව ඊට වඩා වැඩි වී ඇත්තේ රටවල් කිහිපයක් තම සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා තිබීමයි. ඒ හරහා ඇමරිකාව, ඉතාලිය හා ස්පාඤ්ඤයේ මෙන්ම යුරෝපා රටවල් කිහිපයක වැඩි පිරිසක් මරණයට පත් වී තිබෙනවා.
වෛරසය ආරම්භ වූ චීනය මේ වන විට නව ආසාදිතයින් වාර්තා වීම ඉතාමත් අවම මට්ටමක පවතී. එහි සමස්ථ ආසාදිතයින් අප්‍රේල් 14 දින වන විට 82,249ක් වාර්තා වී ඇති අතර ඉන් 3,341ක් මරණයට පත් වී 77,738ක් සුවය ලබා තිබෙනවා. මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් එනම් තවමත් ප්‍රතිකාර ලබමින් ආසාදිත තත්වයේ සිටින පිරිස 1,170කි.
මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 6ක් චීනය අභිබවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය හා එක්සත් රාජධානියයි.
ඇමරිකාවේ තත්වය
වෛරසයෙන් මේ වන විට වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 14 පස්වරු 12 වන විට 589,173ක් වන අතර එය ලොව පුරා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න එනම් (30%)ක පමණ ප්‍රමාණයකි. ඉන් 23,644 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. අප්‍රේල් 3 දින වන විට ඇමරිකාවේ සමස්ථ මරණ ගණන 6,095ක් වූ අතර දින 10ක් තුළ 17,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුලයි. වෛරසය ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයටත් වඩා ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය වෛරසයේ වැඩි බලපෑමකට ලක්වීම විශේෂත්වයක්. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 36,948ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 526,581ක් සිටී.
මේ තත්වය තුළත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබීමද විශේෂත්වයක්.
යුරෝපය තුළ ඉතාලිය පසු කරමින් වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. අප්‍රේල් 14 වන විට එහි සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 170,099ක් වාර්තා වී ඇති අතර ඉන් 17,756 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 10%කි.
ඉතාලියේ තත්වය
අප්‍රේල් 14 පස්වරු 12 වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 159,516ක් වාර්තා වී ඇති අතර ඉන් 20,465ක් මියගොස් තිබෙනවා. එය වෛරසයෙන් රටක මියගොස් ඇති දෙවන වැඩිම ප්‍රමාණයයි. මරණ අනුපාතය 12% ඉක්මවා තිබෙනවා.
යුරෝපයේ සෙසු රටවල්
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර එම ප්‍රමාණය 136,779ක් වුවත් මරණයට පත්වී පත් වූවන් 14,967ක ප්‍රමාණයක් වාර්තා වන අතර ඉන් 12,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවසන් දින 10 තුළයි.
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 130,072ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 3,164ක ප්‍රමාණයකි. අවසන් දින 10 තුළ මරණ ප්‍රමාණය තෙගුණ වී තිබෙනවා.
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 88,621ක් වන අතර ඉන් 11,329ක් මරණයට පත්ව තිබේ. අවසන් දින 10 තුළ මරණ ප්‍රමාණය 10,000කින් පමණ ඉහළගොස් තිබෙනවා.
දකුණු ආසියාවේ තත්වය
දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 10,541ක් වන අතර ඉන් 358ක් මරණයට පත්ව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 14 දින නිවේදනය කළේ රට වසා දැමීම මැයි 3 දක්වා දීර්ග කර බවයි.
දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 5,716ක් ලෙස සටහන් වී තිබෙනවා. ඉන් 96 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ අප්‍රේල් 14 පස්වරු 12 වන විට සමස්ථ ආසාදිතයින් 218 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් 56ක් සුවය ලබා තිබෙනවා. රටක් ලෙස වැඩිම පූර්ව සූදානමකින් සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව සැළකෙන අතර වෛරසය ව්‍යප්තිය පාලනය කිරීමට දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර එය බස්නාහිර පළාතට, මහනුවරට, යාපනයට හා පුත්තලමට අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
වූහාන් යළි විවෘතයි, ආසාදිතයින්ගෙන් 27%ක් ඇමරිකාවෙන් (අප්‍රේල් 03 පස්වරු 1.00ට)
අප්‍රේල් 7 පස්වරු 10 වන විට ලොව පුරා රටවල් 206ක ආසාදිතයින් 1,386,905ක් වාර්තා වන අතර ඉන් 79,071 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව පුරා වෛරසය ආසාදිත වූවන්ගෙන් 297,583ක් පූර්ණ සුවය ලබා තිබෙනවා.
මේ අතර දෙමසකට අධික කාලයක් වසා දමා තිබූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය යළිත් විවෘත කර තිබෙනවා. එය වෛරසය ආරම්භ වූ ප්‍රදේශය ලෙසයි සැළකෙන්නේ.
වෛරසය ආසාදනය වූ එංගන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරය ඕනෑවුවහොත් ලබා දීම සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමෙන් දින 10කට පසුවයි.
මේ අතර පසුගිය දිනය තුළ පමණක් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් මරණ 791ක් වාර්තා වී තිබෙනවා. එහෙත් නව රෝගීන් ඇතුළත් වීම මන්දගාමී වී ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ විට ආසාදිතයින් 100,000 සීමාව ඉක්මවූ රටවල් සංඛ්‍යාව 4ක්. ඇමරිකාවෙන් ආසාදිතයින් 380,743ක්ද (එම ප්‍රමාණය සමස්ථ ආසාදිත සංඛ්‍යාවෙන් 27%ක ප්‍රමාණයකි), ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 114,511ක්ද, ඉතාලියෙන් ආසාදිතයින් 135,586ක්ද, ජර්මනියෙන් 105,604ක්ද වාර්තා වී ඇති අතර ප්‍රංශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 98,010ක් වේ.

ලොව පුරා මිලියනයක් ආසාදිතයි, ඉන් 1/4 ඇමරිකාවෙන් (අප්‍රේල් 03 පස්වරු 1.00ට)
අප්‍රේල් 3 පස්වරු 12 වන විට ලොව පුරා රටවල් 206ක ආසාදිතයින් 1,016,766ක් වාර්තා වන අතර ඉන් 53,242 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ආසාදිත ප්‍රමාණයක් විස්සෙන් එකක් තරම් (1/20) ප්‍රමාණයකි. ප්‍රතිශතයක් ලෙස 5.2%ක ප්‍රමාණයකි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මිය යන ප්‍රමාණය ලෙස දක්වන්නේ 2%ත් 3%ත් අතර ප්‍රමාණයක් වන අතර එය ප්‍රායෝගිකව ඊට වඩා වැඩි වී ඇත්තේ රටවල් කිහිපයක් තම සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා තිබීමයි. ඒ හරහා ඉතාලියේ මෙන්ම යුරෝපා රටවල් කිහිපයක වැඩි පිරිසක් මරණයට පත් වී තිබෙනවා.
වෛරසය ආරම්භ වූ චීනය මේ වන විට නව ආසාදිතයින් වාර්තා වීම ඉතාමත් අවම මට්ටමක පවතී. එහි සමස්ථ ආසාදිතයින් අප්‍රේල් 3 දින වන විට 81,620ක් වාර්තා වී ඇති අතර ඉන් 3,322ක් මරණයට පත් වී 76,571ක් සුවය ලබා තිබෙනවා. මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් එනම් තවමත් ප්‍රතිකාර ලබමින් ආසාදිත තත්වයේ සිටින පිරිස 1,727කි. ඉන් 379 දෙනෙකුගේ තත්වය බරපතල බවද චීන වාර්තා සඳහන් කරයි.
මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 4ක් චීනය අභිබවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය සිටිනවා.
ඇමරිකාවේ තත්වය
වෛරසයෙන් මේ වන විට වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 3 පස්වරු 12 වන විට 245,373ක් වන අතර එය ලොව පුරා ආසාදිතයින්ගෙන් හතරෙන් එකක (1/4) (25%)ක පමණ ප්‍රමාණයකි. ඉන් 6,095 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙතෙක් සුවය ලබා ඇත්තේ 10,403ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 228,875ක් සිටී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි තත්වය එතරම් සතුටු දායක නොවන බවත් ඇමරිකානුවන්ට දැඩි අසීරු කාලසීමාවක් පැමිණ ඇති බවත් කියා සිටියා.
ඉතාලියේ තත්වය
අප්‍රේල් 3 පස්වරු 12 වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 115,242ක් වාර්තා වී ඇති අතර ඉන් 13,915ක් මියගොස් තිබෙනවා. එය වෛරසයෙන් රටක මියගොස් ඇති වැඩිම ප්‍රමාණය වන අතර මරණ අනුපාතය 12% ඉක්මවා තිබෙනවා. ඉතාලියේ 18,278 පූර්ණ සුවය ලබා ඇති අතර 83,049ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා.
යුරෝපයේ සෙසු රටවල්
යුරෝපයේ ඉතාලියට පසු වැඩිම පීඩනයකට පත්ව ඇති රට වන්නේ ස්පාඤ්ඤයයි. එහි සමස්ථ ආසාදිතයින් 112,065ක් වාර්තා වී ඇති අතර ඉන් 10,348 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 9%කි. 26,763ක් පූර්ණ සුවය ලබා තිබෙනවා.
ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 84,784ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 1,107ක ප්‍රමාණයකි.
දකුණු ආසියාවේ තත්වය
දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 2,567ක් වන අතර ඉන් 72ක් මරණයට පත්ව තිබෙනවා. 192කු පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට ඉන්දියාව බොහෝ දුරට වසා දමා තිබෙනවා.
දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 2,450ක් ලෙස සටහන් වී තිබෙනවා. ඉන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 126 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අප්‍රේල් 3 පස්වරු 12 වන විට සමස්ථ ආසාදිතයින් 151 දෙනෙකු වාර්තා වන අතර ඉන් 4 දෙනෙකු මියගොස් 22ක් සුවය ලබා තිබෙනවා. රටක් ලෙස වැඩිම පූර්ව සූදානමකින් සිටි රටක් ලෙස ශ්‍රී ලංකාව සැළකෙන අතර වෛරසය ව්‍යප්තිය පාලනය කිරීමට දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර එය බස්නාහිර පළාතට අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
කොවිඩ්-19 ලොව පුරා 21,293කට දිවි අහිමි කරයි (මාර්තු 26 පෙරවරු 9.30ට)
කොවිඩ්-19 වෛරසය ආසාදිත වූ පළමු රෝගීන් 100,000 ක් වාර්තා වීමට දින 67ක් ගත වී තිබුණද දෙවන ආසාදිතයින් 100,000ක් වාර්තා වීමට දින 11 කුත්, තුන්වන ආසාදිතයින් 100,000 වාර්තා වීමට දින 4කුත් ලෙස ඉතා වේගයෙන් වාර්තා වී ඇති බව පෙන්වාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් පැවසුවේ සිව්වන රෝගීන් 100,000 වාර්තා වීමට ගත වී ඇත්තේ දින දෙකකටත් අඩු කාලයක් බවයි. මේ වන විට වෛරසය පාලනයෙන් තොර වී ඇති බව පෙනී යන බවද මාර්තු 25 දින ඔහු සඳහන් කළා.
මේ වන විට ලොව පුරා ආසාදිතයින් 471,311ක් වාර්තා වන අතර ඉන් 21,293 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය ආරම්භ වූ චීනයේ මෙන් දෙගුණයක පමණ ප්‍රමාණයක් මේ වන විටත් ඉතාලියේ මියගොස් තිබෙන අතර එම ප්‍රමාණය 7,503 ඉක්මවා තිබෙනවා. එහි ආසාදිතයින් ගණන 74,386ක් ලෙස සටහන් වී තිබෙනවා.
කොවිඩ්-19 350,000ක් ආසාදිත කරමින් ජීවිත 15,283කට දිවි අහිමි කරද්දි 100,000ක් සුවකරයි (2020 මාර්තු 23 පස්වරු 6ට)
ලොව පුරා රටවල් 186ක පැතිරී ගොස් ඇති කොවිඩ්-19 ලෝක වසංගත තත්වයෙන් මිය ගිය ගණන මාර්තු 23 සඳුදා වන විට 15,306ක් වන අතර ආසාදිත වූ සම්පූර්ණ ප්‍රමාණය 350,020ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 100,345ක් සුවය ලබා ඇති අතර 11,218ක් බරපතල තත්වයෙන් සිටිනවා.
යුරෝපයේ වෛරසය පැතිරී යන කේන්ද්‍රස්ථානය වී ඇති ඉතාලිය වෛරසයේ විශාලතම බලපෑමට ලක්ව සිටින අතර මාර්තු 23 දින වන විට 59,138කට වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා ඉහළ මරණ ගණක් ඉතාලියෙන් වාර්තා වූ අතර මාර්තු 22 දින 793ක්, 21 දින 627ක්, 20 දින 425ක් හා 19 දින 475ක් ලෙස දිනක මරණ ගණන වාර්තා විය. මුළු ඉතාලියම එකම මලගමක් වැනිය.
මීට අමතරව එක්වරම ඉහළට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ මාර්තු 23 දින වන වන ආසාදිතයින් 35,070 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එහි මරණ ගණන 458ක් ලෙසත් සුව වූ ගණන 178ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
ස්පාඤ්ඤය සමස්ත ආසාදිතයින් 33,053ක් වාර්තා කර තිබෙන අතර ඉන් 2,182ක් මරණයට පත් වී තිබෙනවා. 3,355ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මේ අතර ඉන්දියාව ද ලොක් ඩවුන් තත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කරගනිමින් එය සිදු කිරීමට පියවරගෙන ඇති අතර මේ මස අග දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන තිබෙනවා. අභ්‍යන්තර ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට අගමැති නරේන්ද්‍ර මෝඩි නියෝග කර තිබෙනවා. ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් ගණන 415ක් වන අතර ඉන් 7ක් මරණයට පත් වී තිබෙනවා.
කොවිඩ් නසන ඖෂධයක්?
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් ප්‍රතිකාරයක් සොයා ගැනීමට පරීක්ෂණ සිදුකරමින් ඇති අතර දැනට මැලේරියාව සඳහා භාවිතා කරන ඖෂධය වෛරසයට මුහුණ දීම සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන ඖෂධය ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධ භාවිතා කිරීමෙන් වෙනත් අතුරු ආබාධයන් ඇති වීමේ අවධානමක්ද පවතින බව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහසයි.
ජපානය පවසන්නේ තමන් සොයාගත් අවිගන් නැමැති ඖෂධයෙන් සුව වීමට ගත වන කාලය දින 4ක් දක්වා අඩුකරගත හැකි බව සොයාගෙන ඇති බවයි.
කොවිඩ්-19 ජීවිත 9,283කට දිවි අහිමි කරද්දි ඉතාලිය ගිල ගනී (2020 මාර්තු 19 පස්වරු 6ට)
ලොව පුරා රටවල් 166ක පැතිරී ගොස් ඇති කොවිඩ්-19 ලෝක වසංගත තත්වයෙන් මිය ගිය ගණන මාර්තු 19 බ්‍රහස්පතින්දා වන විට 9,283ක් වන අතර ආසාදිත වූ සම්පූර්ණ ප්‍රමාණය 226,313ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 85,831 සුවය ලබා ඇති අතර 6,896ක් බරපතල තත්වයෙන් සිටිනවා.
කොවිඩ්-19 වෛරසයේ වසංගත ස්ථානය ලෙස මුලින් හඳුනාගත් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් පසුගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයෙක් වාර්තා වී නොතිබීම විශේෂත්වයක්. රෝගය පැතිරී යාම ආරම්භ වීමත් සමග එම ප්‍රදේශයෙන් නව ආසාදිතයෙකු වාර්තා නොවූ පළමු අවස්ථාව එය වේ. මේ වන විට වෛරසයේ වසංගත ස්ථානය වී ලෙස හඳුනාගන්නේ ඉතාලියයි.
වෛරසයේ වැඩිම බලපෑමක් සිදුවී ඇති රට වන්නේද ඉතාලියයි. ඉතාලියේ ආසාදිත බව තහවුරු වූ ප්‍රමාණය මාර්තු 19 වන විට 35,713ක් වන අතර එයින් 2,978 මරණයට පත් වී තිබෙනවා. 4,025 දෙනෙකු ඉන් සුව වී තිබෙන අතර 2,257 දෙනෙකු බරපතල තත්වයෙන් සිටිනවා. ඉතාලියේ මිලියනයකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 591කි. චීනයේ එම ප්‍රමාණය 56ක් පමණි. දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවද මාර්තු 18 ඉතාලියෙන් වාර්තා විය. එම ප්‍රමාණය 475කි.
ඉන් පසු වැඩිම බලපෑමක් වී ඇත්තේ ඉරානයටයි. එහි ආසාදිතයින් 18,407ක් වාර්තා වන අතර 1,284ක් මරණයට පත් වී තිබෙනවා.
මේ අතර නව එන්නත් සහ බෙහෙත් ගැන පර්යේෂණ සිදුකරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මීට අමතරව ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ප්‍රතිකාරයක් පිළිබඳ ඉතා ඉහළ මට්ටමේ පරීක්ෂණ සිදුකරමින් සිටින බව වාර්තා කරයි.
උණුසුම් හෝ තෙත් කාලගුණය කොවිඩ්-19 වෛරසයට බාධාවක් නොවේ
මෙතෙක් ලැබී ඇති සාක්ෂි අනුව, කොවිඩ්-19 වෛරසය උණුසුම් හා තෙතමනය සහිත කාලගුණයක් සහිත ප්‍රදේශ ඇතුළුව සියලුම ප්‍රදේශවල දී සම්ප්‍රේෂණය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දේශගුණය කුමක් වුවත් ආරක්ෂිත පියවර ගතයුතු බවත් ආරක්ෂා වීමට හොඳම ක්‍රමය වන්නේ දෑත් නිතර පිරිසිදු කිරීමෙන් බවත් ඔවුන් පවසයි.
කොවිඩ්-19 ජීවිත 5,436කට දිවි අහිමි කරද්දි 72,529ක් සුව කරයි (2020 මාර්තු 14 පෙරවරු 9ට)
කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් මිය ගිය ගණන මාර්තු 14 සෙනසුරාදා වන විට 5,436ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව 145,634ක් ලෙසත් ආසාදනය වීමෙන් පසු සුව වූ සංඛ්‍යාව 72,529ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
මේ වන විට වෛරසයේ වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යුරෝපයටයි. ඉන් ඉතාලිය වෛරසයේ ප්‍රධානතම ඉලක්කයක් වී ඇති අතර ඉතාලියේ පමණක් මිය ගිය ප්‍රමාණය මාර්තු 14 වන විට 1,266ක් ලෙස සටහන් ව තිබෙනවා. ඉතාලියේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 17,660ක් වන අතර ඉන් සුව වී ඇත්තේ 1,439ක් පමණයි.
ඉන් පසු වැඩිම හානියක් සිදු වී ඇත්තේ ඉරානයටයි. ඉරානයේ මරණ සංඛ්‍යාව 514ක් ලෙස සටහන් වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 11,364ක් වන අතර 3,529ක් සුව වී තිබෙනවා.
දකුණු කොරියාවේ සමස්ථ ආසාදිතයින් ගණන 8,086ක් වන අතර මරණ සංඛ්‍යාව 72ක් තරම් අඩු අගයක පවතිනවා. සුව වී ඇති පිරිස 714යි.
ආසාදිතයින් 1000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 9ක් වන අතර චීනය, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය යන රටවල් සිටිනවා.
වෛරසය ආසාදිත වූ පළමු ශ්‍රී ලාංකිකයා වූ ඉතාලියේ බ්‍රේෂියා හී සිටි කාන්තාව සුවය ලබයි
ශ්‍රී ලංකාවේන් පිටතදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වු බවට හඳුනාගත් පළමු ලාංකික පුද්ගලයා ඉතාලියේ බ්‍රේෂියා නගරයේ නිවසක සේවය කළ 46 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාව ප්‍රතිකාර ලැබීමෙන් පසු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත් වී තිබෙන බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා. මාර්තු 13 දින එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව ඇය කලින් සේවය කළ නිවස වෙත ගොස් ඇති බව පසුව එම කාන්තාව විසින්ද තහවුරු කරනු ලැබුවා. මාර්තු 3 දින රෝහල් ගත කළ ඇය දින 10ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය සුවය ලබා තිබෙන බවද වාර්තා වෙනවා. ඇයට එම වෛරසය වැළඳී තිබුණේ ඇය සේවය කළ නිවසේ කාන්තාවකට වැළදී තිබීමෙන් බවද හෙළිදරව් වී තිබුණා.
කොවිඩ්-19 මාර්තු 12 පෙරවරු 9 වන විට තත්ත්වය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව මාර්තු 12 බ්‍රහස්පතින්දා වන විට 124,947ක් ලෙස සටහන් වේ. මේ අතරින් 4,591ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෛරසයේ වැඩිම ව්‍යාප්තිය අඩුම කාලයක් තුළ වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉතාලියේ පමණක් ආසාදිත බව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව මාර්තු 12 වන විට 12,462ක් වන අතර මරණ සංඛ්‍යාව 827ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ආසාදනය වී නැවත සුව වූ ප්‍රමාණය 1045ක් බව එරට සෞඛ්‍ය බලධාරීන් කියා සිටිනවා. 1028 දෙනෙකුගේ තත්වය බරපතල බවත් පැවසෙනවා. මාර්තු 7 වැනිදා සිට දිනකට වාර්තා වූ සංඛ්‍යාව 1000කට අධික බව පෙන්වා දුන් එරට සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ ඒ හේතුවෙන් මිලියන 60කට අධික ජනගහණයක් සහිත ඉතාලිය සම්පූර්ණයෙන්ම වසාදමා නිරෝධායනය කිරීමට තීරණය කළ බවයි.
මේ අතර මාර්තු 11 වන දින ඉන්දියාවේ තහවුරු වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති අතර දිල්ලි සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලින් එක් අයෙකු බැගින් අලුතින් වාර්තා වී ඇති බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
වෛරසයේ ව්‍යාප්තිය චීනය තුළ මන්දගාමී වී තිබෙන බව සංඛ්‍යා ලේඛණ විශ්ලේෂණයේදී පෙනෙන්නට තිබෙනවා. වෛරසය හේතුවෙන් මරණ සිදුවූ රටවල් අතරට ඉතාලිය, ඉරානය, ස්පාඥ්ඥය, ප්‍රංශය, චීනය, ඇමරිකාව දකුණු කොරියාව, ජපානය, බෙල්ජියම, එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය, ලෙබනනය, පිලිපීනය, අයර්ලන්තය, ඉන්දුනීසියාව, ඇලබානියා, පැනමාව, බල්ගේරියාව, කැනඩාව, ඊජිප්තුව, තායිලන්තය, තායිවානය, ආජන්ටිනාව හා මොරොක්කෝව යන රටවල් ඇතුළත් වෙනවා.
ලෝක වසංගත තත්වයක් බවට වන නිල නිවේදය නිකුත් කෙරේ (මාර්තු 11 වාර්තාව)
රටවල් 114කට අධික ප්‍රමාණයකට පැතිරී යාමත් ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමගම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 වෛරසය ලෝක වසංගතයක් බවට වන නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.
ලෝක වසංගත තත්වයක් බවට පත් වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය (මාර්තු 9 වාර්තාව)
මේ වන විට රටවල් 100කට අධික ප්‍රමාණයක් පුරා පැතිරී ඇති කොවිඩ්-19 කොරෝනා වෛරසය ලෝක වසංගත තත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මාර්තු 9 දින රාත්‍රියේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා. එහෙත් එය නිල වශයෙන් ලෝක වසංගත තත්වයක් බවට වන නිල නිවේදනය මෙතෙක් නිකුත් කර නැත.
මේ වන විට ලොව පුරා ආසාදිතයින් ප්‍රමාණය 111,000කට ආසන්න වී තිබෙනවා. ඉන් 3893ක් මරණයට පත්වී ඇති අතර 62,722ක් සුවය ලබා තිබෙනවා. චීනයේ ආසාදිතයින් ගණන 80000 ඉක්මවා ඇති අතර ඉන් 70%ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා රෝහල්වලින් පිටව තිබීමද සුවිශේෂී තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.
මාර්තු 9 දින වන විටත් ආසාදිත තත්වයෙන් සිටින රෝගීන් ප්‍රමාණය 45,318 බව ද වාර්තා වේ. වෛරසය පැතිරී යාම චීනය තුළ මන්දගාමී වෙමින් පවතින අතර අවසන් පැය 24 තුළ චීනයෙන් වාර්තා වී ඇත්තේ මරණ 40ක් පමණි. එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගයයි.
නමුත් ඉතාලිය මේ වන විට දැඩි ලෙස වෛරසයට ගොදුරු වී සිටින අතර 7375 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබෙන අතර ඉන් 366 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. එහි මරණ සංඛ්‍යාව 237ක් බවට වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 ජීවිත 2600ක් බිලිගනී, ආසාදිතයින් ගණන 77000 ඉක්මවයි, ද.කොරියාව අවදානම් (පෙබරවාරි 24 වාර්තාව)
ලොව පුරා විවිධ රටවලින් මතු වන කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් හේතුවෙන් ලෝක වසංගතයක් බවට එම වෛරසය පත් වනු ඇති බව වන බිය ලෝකවාසීන් තුළ වැඩිවෙමින් පවතී.
වැඩිම ආසාදිතයින් ගණන චීනයෙන් වාර්තා වී ඇති නමුත් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය වැනි රටවල් ද මේ වන විට වෛරසය සමඟ පොරබදමින් සිටී.
ලෝක වසංගතයක් ලෙස හඳුන්වන්නේ ලෝකයේ බොහෝ රටවල එකවරම බෝවන රෝගයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් පැතිරී යන විටය.
කොවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකයින් කෙරේ සංවේදී වීම නිසා ලොව පුරා කොටස් වෙලඳපොලවල් රැසක් තියුණු ලෙස පහත වැටී තිබේ.
2019 වසරේ දෙසැම්බර් 31 දින මුල්වරට ලෝකයට අනාවරණය වීමෙන් පසු පෙබරවාරි 24 සඳුදා වන විට චීනයේ පමණක් පුද්ගලයින් 77,000 කට පමණ වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 2,600 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙන බවට නිල වශයෙන් අනාවරණය කර තිබේ.
තවත් රටවල් 30 ක පමණ රෝගීන් 1200 කට වැඩි සංඛ්‍යාවක් සනාථ වී ඇති අතර මරණ 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් කියා සිටියේ වෛරසය බොහෝ දුරට පැතිරීම වැළැක්වීම සඳහා ඒ ඒ රටවල් ක්‍රියාකරමින් සිටින බැවින් හා දැනට ඒ ඒ රටවල් තත්වය කළමණාකරණය කරගෙන තිබෙන බැවින් මෙතෙක් ලෝක වසංගතයක ලක්ෂණ පෙන්වා නැති බවයි.
මේ අතර චීනයෙන් පසු වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. එහි රෝගීන් 700ක් පමණ වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළගොස් තිබෙනවා.
පෙබරවාරි 24 සඳුදා වන විට ඉතාලියේ තවත් මරණ තුනක් වාර්තා වූ අතර ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් ගණන 200 ඉක්මවා තිබෙනවා. මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා නගර 10ක් වසා දමා තිබෙනවා.

කොවිඩ්-19 බිලිගත් ජීවිත ප්‍රමාණය 1400 ඉක්මවයි, ආසාදිතයින් ගණන 65000 ඉක්මවයි (පෙබරවාරි 14 වාර්තාව)
කොවිඩ්-19 ලෙස නම් කළ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පෙබරවාරි 14 පස්වරු 12 වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1400 ඉක්මවා තිබෙනවා. රෝගය ආසාදනය වී ඇති බව තහවුරු කළ සංඛ්‍යාව ලොවපුරා 65000 ඉක්මවා තිබෙනවා. පෙබරවාරි 13 දින පමණක් නව ආසාදිතයින් 5090ක් සොයාගෙන ඇති අතර එදින පමණක් මිය ගිය සංඛ්‍යාව 121ක් ලෙස වාර්තා වී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම දිනකට 100කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.
නවතම වාර්තා පෙන්වා දෙන පරිදි සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ අතර ජපානයේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 218 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ අතර මගීන් 2000ක් සමග යාත්‍රා කරමින් සිටි එම්එස් වෙස්ටර්ඩෑම් නෞකාව වරායන් රැසකින් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර පසුව කාම්බෝජය විසින් එම නෞකාවට පහසුකම් සැපයීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
පෙබරවාරි 14 සිකුරාදා වන විට චීනයෙන් පිටත ආසාදිතයින් 447 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මරණ 2ක් ද වාර්තා වී තිබෙනවා.

427ක් බිලිගත් කොරෝනා-වෛරසය ආසාදිතයින් ගණන 20000 ඉක්මවයි, 686ක් සුව අතට (පෙබරවාරි 4 වාර්තාව)
කොරෝනා-වෛරස වසංගතය හේතුවෙන් කලාපයේ සිදු වූ මරණවල ප්‍රධාන වැඩිවීමක් චීනය වාර්තා කළ හෙයින්, වුහාන් කොරෝනා-වෛරසය පැතිරීම මන්දගාමී වීමේ සලකුනු තවමත් පෙන්නුම් කර නැති බව පර්යේෂකයින් පවසයි.
පෙබරවාරි 4 වන අඟහරුවාදා උදෑසන වන විට චීනයේ තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 20,438 ක් වන අතර එය පෙර දිනට වඩා 3,235 ක වැඩිවීමකි. ප්‍රතිශතයක් ලෙස පෙර දිනට වඩා 18% ඉක්මවා යාමකි. මරණ සංඛ්‍යාව දැන් චීනයේ 425 ක් වන අතර එය ඉරිදාට වඩා 65 කින් පමණ වැඩි වී තිබේ. ෙලොව පුරා මරණ සංඛ්‍යාව 427ක් වේ. ඊට මැලේසියාවෙන් වාර්තා වූ මරණය සහ හොංකොං හී දී පෙබරවාරි 3 වාර්තා වූ මරණය ද ඇතුළත්.
වෛරසයේ ප්‍රධාන භූමිය වන චීනයෙන් පිටත වෛරසයෙන් සිදු වූ දෙවන මරණය වන්නේ හොංකොං හී දී සිදුවූ මරණයයි. අදාළ රෝගියා 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වුහාන් වෙත ගොස් පසුගිය ජනවාරි 23 වන දින හොංකොං වෙත පැමිණ තිබේ.
චීන භූමියෙන් පිටත රටවල් 25 කට වැඩි සංඛ්‍යාවක අවම වශයෙන් වුහාන් කොරෝනා-වෛරස් ආසාදිත රෝගීන් 185 ක් පමණ වාර්තා වී ඇත.
මේ අතර හොංකොං පර්යේෂකයින් පිරිසක් කියා සිටින්නේ ආසාදිතයින්ට දෙනු ලබන බෙහෙත්වලට කොරෝනා-වෛරසය ආසාදිත රෝගීන් යහපත් ප්‍රතිචාර දක්වන බවයි.
362කට ජීවිත අහිමි කළ කොරෝනා, සාර්ස් වසංගතය පරදවයි (පෙබරවාරි 3 වාර්තාව)
චීනයේ වුහාන් හී පළමුවෙන් වාර්තා වූ කොරෝනා-වෛරස් මරණ සංඛ්‍යාව 2003 දී එරට තුළ ඇති වූ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය හෙවක් (SARS) වසංගතය අභිබවා ගොස් ඇත.
චීනයේ මේ වන විට පුද්ගලයින් 361 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙබරවාරි 3 සඳුදා ප්‍රකාශ කළහ. ඉරිදා සවස වන විට චීනයේ ප්‍රධාන භූමියේ මුළු රෝගීන් සංඛ්‍යාව 17,205 ක් වූ අතර එය පෙර දිනට වඩා 2,800 කට වඩා වැඩි වීමකි.
පෙබරවාරි 3වන සඳුදා වන විට සමස්ථ මරණ සංඛ්‍යාව 362ක් වූ අතර ආසාදිතයින් බව තහවුරු කළ රෝගීන් ගණන 17384ක් ලෙසත් වාර්තා වේ. එමෙන්ම රෝගය වැළඳීමෙන් පසු සුවය ලැබූ පිරිස ද 360ක් බව වාර්තා කියා සිටී.

2003 දී SARS වසංගතයේ පැතිරීම නිසා පුද්ගලයින් 5,327 ක් ආසාදනය වූ අතර ඉන් 349 ක් මිය ගියහ.
පෙබරවාරි 3 සඳුදා වන විට චීනයෙන් පිටත රෝගීන් 175 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ඒවායින් බහුතරයක් චීනය සමඟ ඍජු සම්බන්ධයක් ඇති සිදුවීම් වේ. මේ අතර මෙම වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් පුරා පැතිරී ගොස් තිබේ. බොහෝ රටවල් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා ඔවුන්ගේ දේශසීමා වසා දැමීමට පටන් ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් සමාගම් චීනය තුළට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කර ඇත.
චීනයෙන් පිටත පළමු මරණය
නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත වෛරසයෙන් සිදුවූ පළමු මරණය සති අන්තයේදී තහවුරු විය. පිලිපීන සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ 44 හැවිරිදි චීන ජාතිකයෙකු වුහාන් සිට පිලිපීනය බලා පැමිණීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති බව හා පසුව මිය ගිය බවයි.
305කට ජීවිත අහිමි කළ කොරෝනා (පෙබරවාරි 2 වාර්තාව)
නව කොරෝනා-වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් 305ක් මියගොස් ඇති අතර, ඉන් බහුතරයක් හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. මේ වන විට ලොව පුරා පුද්ගලයින් 14,380 කට ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.
විද්‍යාඥයින්ගේ නවතම වාර්තා අනුව ඔවුන් උපකල්පනය කර ඇත්තේ රෝගය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 100,000කට අධික විය හැකි බවයි.
ඉන්දියාවෙන් දෙවන ආසාදිතයාත් හමුවූ බව තහවුරු කෙරේ
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පෙබරවාරි 2 සනාථ කළේ නව කොරෝනා-වෛරසය ආසාදනය වූ දෙවන රෝගියෙකු ද දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්ම හමුවී ඇති බවයි. අදාළ රෝගියා ජනවාරි 24 වනදා චීනයේ සිට ඉන්දියාවට ආපසු පැමිණි තරුණියකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමග එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක් චීනයෙන් විදේශිකයන් තම රටට පැමිණීම තහනම් කර තිබෙනවා.
ලොව පුරා නව කොරෝනා-වෛරස් රෝගීන් සංඛ්‍යාව, 2003 දී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතය අභිබවා ගොස් ඇත. එහෙත් නව වෛරසයේ මරණ අනුපාතය ඊට වඩා බෙහෙවින් අඩු බැවින් එය මාරාන්තික බවින් අඩුබව විද්‍යාඥයින්ගේ අදහසයි.
කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 170යි, තහවුරු වූ රෝගීන් 7711ක් (ජනවාරි 30 වාර්තාව)
කොරෝනා-වෛරසය ආසාදනය වීම නිසා ඇති වූ නියුමෝනියා රෝගීන් 7,711 ක් ජනවාරි 29 වන බදාදා අවසන් වන විට වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. මෙම රෝගයෙන් පුද්ගලයින් 170 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික වාර්තාවේ සඳහන් කර ඇත්තේ ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා වන විට රෝගීන් 1,370 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, බදාදා අවසානය වන විට පුද්ගලයින් 12,167 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන බවත්ය.
මේ අතර රෝගය වැළඳීමෙන් පසු රෝහල්ගත කර රෝගීන් අතුරින් පුද්ගලයින් 124 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ.
ආසාදිතයින් හා සමීප සබඳතා පැවැත්වූ සහ රෝගය වැළඳී ඇතැයි සැකපිට පුද්ගලයින් 88,693 ක් චීනයෙන් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 2,364 දෙනෙකු ජනවාරි 29 වන බදාදා වන විට වෛද්‍ය නිරීක්ෂණවලින් නිදහස් කර ඇති අතර තවත් 81,947 දෙනෙකු තවමත් වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
මේ වන විට වෛරසය ආසාදිත වූ රෝගීන් සිටින බව තහවුරු කළ රටවල් සංඛ්‍යාව 17ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියා.

කොරෝනා-වෛරසයෙන් මිය ගිය ගණන 106 දක්වා ඉහළට, ආසාදිතයින් 4000 ඉක්මවයි (ජනවාරි 28 දින වාර්තාව)
කොරෝනා වෛරසය (2019-nCoV) ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව ජනවාරි 28 අඟහරුවාදා උදෑසන වන විට 4,515 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර වෛසරය අසාදනය වූ බව තහවුරු කරන ලද රෝගියෙකු පිළිබඳ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 60 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබෙන බව ද චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

චීනයේ මරණ සංඛ්‍යාව 80 දක්වා ඉහළට, ආසාදිතයින් 3000ක් (ජනවාරි 27 උදෑසන වාර්තාව)
කොරෝනා-වයිරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් ජනවාරි 27 දින නිවේදනය කර තිබේ.
චීනයේ අලුත් අවුරුදු නිවාඩුව තවත් දින තුනකින් දීර්ග කිරීමට ද චීනය පියවර ගෙන ඇත. ඒ වෛරසයයේ පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසයි. මේ වන විටත් වෛරසයේ මූලාශ්‍රය වන හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නරගය හා තවත් නගර කිහිපයක්ම අගුලු දමා ඇති අතර එම නගර කිහිපයක් සඳහා සංචාරක තහනමක් ද පනවා ඇත.
චීන සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ ජනවාරි 27 සඳුදා වන විට හුබෙයි ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර චීනයේ ම වෙනත් ස්ථානවල මරණ 4 ක් ද සිදුව ඇති බවයි. චීනයේ සිටින වෛරසය ආසාදිත රෝගීන් 300 කට අධික පිරිසක් බරපතල තත්වයෙන් පසුවන බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
තායිලන්තය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු රටවල් රැසකින් තවත් 41 දෙනෙකු වෛරසය ආසාදිත වී එම රටවල රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රටවල සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. නමුත් චීනයෙන් පිටත දී කිසිදු මරණයක් සිදුවී නොමැත.
මරණයට පත්වූවන් අතරින් බොහෝ දෙනෙකු වැඩිහිටි පුද්ගලයින් හෝ පූර්ව ශ්වසන ආබාධ ඇති අය වූ බව චීනයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළට, ලොවපුරා රටවල් රැසකින් රෝගීන් වාර්තා වේ (ජනවාරි 26 වාර්තාව)
පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවකට ආසාදනය වී ඇති නව කොරෝනා-වෛරසය එහි රෝග ලක්ෂණ පෙන්වීමට පෙර තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන බව චීන සෞඛ්‍ය බලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. එබැවින් එයින් සිදුවන හානිය තක්සේරු කළ නොහැකි මට්ටමක ලඟා වී ඇති ඔහු ජනවාරි 26 දා පැවසීය.
ආසාදිත පුද්ගලයෙකුට රෝග ලක්ෂණ නොමැතිව සිටියදීත්, තවත් පුද්ගලයෙකුට එය පැතිරවීමට හැකි වේ. ඒ තත්වය මෙම වෛරසයේ ඇති දරුණුභාවය පෙන්නුම් කරන්නක් බවයි මේ පිළිබඳ පර්යේෂණ සිදුකරනන්ගේ අදහස.
මේ වන විට කොරෝනා-වෛරසය ආසාදිත පුද්ගලයින් 56 දෙනෙකු පමණ මිය ගොස් ඇත. චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියාඕවේ (Ma Xiaowei) වාර්තාකරුවන්ට පැවසුවේ වෛරසය පැතිරීමේ හැකියාව ශක්තිමත් වී ඇති බවයි.
චීන නගර කිහිපයක් සඳහා මේ වන සැලකිය යුතු මට්ටමේ ගමන් සීමාවන් පනවා ඇත. වෛරසය පැතිරීමේ මූලාශ්‍රය වන හුබෙයිහි වුහාන් නගරය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා ඇත. ආසාදනය වීම “තීරණාත්මක අවධියක” පවතින බව චීන සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
චීනයේ සියලුම වන සතුන් විකිණීම ජනවාරි 27 ඉරිදා සිට තහනම් කරන බව නිලධාරීහු ප්‍රකාශ කළහ. වෛරසයේ බෝවීම ආරම්භ වූයේ නාගයින් හෝ වව්ලන් ආහාරයට ගැනීම හේතුවෙන් බවට මේ විටත් සැක කෙරේ.
ජනවාරි 26 දින වන විට රටවල් 13 කින් වෛරසය ආසාදිත වූ බව තහවුරු කළ රෝගීන් වාර්තා වූ අතර ඒවාද ඇතුළුව රටවල් 20කින් පමණ සැක කටයුතු රෝගීන් පිළිබඳ වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ ද සැක සහිත රෝගීන් සිව් දෙනෙකු අංගොඩ වසංගත රෝග විද්‍යාතනයට ඇතුළත් කළ ද ඔවුන්ගේ සාම්පල පරික්ෂාවෙන් අනතුරුව කොළම වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කර සිටියේ ඔවුන්ගේ සාම්පල තුළ වෛරසය ආසාදනය වූ සාම්පල අන්තර්ගත වී නැති බවයි. එහෙත් වැඩදුර පර්යේෂණ සිදුකරමින් පවතින බවද වාර්තා විය.

41ක් මරුට, කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යයි (ජනවාරි 25 දින වාර්තාව)
චීනයේ සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ කොරෝනා-වෛරසය හේතුවෙන් හුබෙයි පළාතේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි. චීනයේ ජනවාරි 25 දින දක්වා තහවුරු වී ඇති රෝගීන් ගණන 1,287 ක් වී ඇති අතර ඉන් 41 ක් මියගොස් තිබේ. චීනය සිය දින දර්ශනයේ වැදගත්ම දිනයන්ගෙන් එකක් ලෙස සළකන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම ආරම්භ කරන විටම අදාළ වෛරසය පැතිරීම ආරම්භ විය.
චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සව බොහොමයක් අවලංගු කර ඇති අතර වුහාන් නගරයේ ඇඳන් 1000කින් යුත් නව රෝහලක් ඉදිවෙමින් පවතී. ඒ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාමයි. මෙය දින 6ක් තුළ සාදා නිමකරන බව චීන බලධාරීන් පවසයි.

ඉන්දියාවේ සැක සහිත පුද්ගලයින් 3දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නෑ
කොරෝනා-වෛරස අසාදිත රෝගියෙකු ඉන්දියාවෙන්ද වාර්තා වී තිබූ බව ඉන්දීය මාධ්‍ය මුලින් වාර්තා කර තිබුණි. චීනයේ ෂෙන්සෙන්හි වෙසෙන ගුරුවරියක් වන ස්වේතා මහේෂ්වරී ජනවාරි 24 සිකුරාදා රෝගාතුර වී රෝහලකට ඇතුළත් කර තිබූ බව එහි සඳහන් විය. ඉන් පසු තවත් දෙදෙනෙක් සැකමත රෝහල්ගත කර තිබුණි. එහෙත් ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ ඔවුන් රෝහලින් පිටව ගොස් තිබෙන බව ජනවාරි 30 දින ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
වෛරසය මේ වන විට යුරෝපයට ව්‍යාප්ත වී ඇති අතර ප්‍රංශයේ රෝගීන් තිදෙනෙකු වාර්තා වූ බව සනාථ කර තිබේ. පළමු රෝගියා බෝඩියෝක්ස් (Bordeaux) හී වූ අතර අනෙක් දෙදෙනා පැරිස් ප්‍රදේශයේ බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනවාරි 24 සිකුරාදා රාත්‍රියේ පැවසීය.
මේ වන විට ලොව පුරා රටවල් රැසකින් වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති අතර එම සියළුම දෙනා චීනය සමග යම් සබඳතාවයක් පැවැත්වූ අය වෙති.

ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් විය හැකියි

2018 මහ බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් විශාල පිරිසක් සිටින අතර ඔවුන් සැළකිය යුතු ලෙස චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරය කරනු ලබයි.
මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව එම වෛරසයට නිරාවරණය වීමේ ඉහළ ඉඩකඩක් පවතින බව වාර්තා වේ. මේ වන විට වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානයක් යොමු වී තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩී.ආර්. පෙරේරා සඳහන් කරන්නේ උණ රෝගීන් පරීක්ෂා කෙරෙන යන්ත්‍ර මේ වන විට ස්ථාපිත කර ඇති බවයි. ඊට අමතරව ගුවන්තොටුපළ සියලුම කාර්ය මණ්ඩල මෙම රෝගීන් හඳුනාගැනීම සඳහා දැනුවත් කර තිබෙන බව ද ඔහු මීට පෙර ප්‍රකාශ කළා.
ගුවන්තොටුපළේ දී මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනාගතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව යමින් වහාම ඔවුන් අන් පුද්ගලයන්ගෙන් හුදකලා කරමින් පරීක්ෂකාවට ලක්කොට ඔවුන්ව අංගොඩ වසන්ගත රෝග මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරෙන බව ද ගුවන්තොටුපළ වෛද්‍ය අංශය සඳහන් කරයි.
චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූවන් සංඛ්‍යාව 9 දක්වා ඉහළට (ජනවාරි 22 වාර්තාව)
චීනය පුරා පැතිර යන වුහාන් කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර තවත් රෝගීන් බොහෝ පිරිසක් ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන එය රෝගය මේ වන විට බටහිර ඇමරිකා එක්සත් ජනපදය තරම් දුරට පැතිර ඇතැයි චීන බලධාරීන් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් ජනවාරි 22 බදාදා ජිනීවා නුවර හදිසි රැස්වීමක් කැඳවා තිබේ. වෛරසය වේගයෙන් වර්ධනය වීමත් සමග “ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ද යන්න තීරණය කිරීම හා දේශසීමා පරීක්ෂාවට ලක් කිරීම, නීරීක්ෂණ ඉහළ දැමීම සම්බන්ධයෙන් එහිදී තීරණය කිරීමට නියමිතයි.
චීන සෞඛ්‍ය බලධාරීන් ජනවාරි 22 බදාදා ප්‍රකාශ කළේ අවම වශයෙන් රෝගීන් 440 ක් රට පුරා සිටින බව තහවුරු වී ඇති බවයි.
වොෂිංටන් ප්‍රාන්තයේ නිලධාරීන් ජනවාරි 21 අඟහරුවාදා එක්සත් ජනපද භූමියේ වෛරසය ආසාදිත පුද්ගලයෙකු සිටින බව පළමු වරට තහවුරු කළා. දකුණු කොරියාව, තායිලන්තය සහ ජපානය යන රටවල ද රෝගීන් වාර්තා වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේදී සැක සහිත සිදුවීම් අනාවරණය වී තිබේ.

චීනයේ වෛරසය මිනිසාගෙන් මිනිසාට බෝවන බව නිවේදනය කෙරේ

මාරාන්තික වුහාන් කොරෝනා වයිරසය “මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය” වන බව චීනය නිවේදනය කර තිබේ. මේ බව සනාථ කරමින් චීනයේ කොරෝනා වෛරදස අසාදිත පුද්ගලයින් අතර ඔවුන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය සේවකයින්ද සිටින බව හෙළිදරව් කර තිබේ.
වෛරසයේ සම්පූර්ණ කතාව
චිනයේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික සාර්ස් වෛරසය හා සමාන කොරෝනා නැමැති ව්‍යාප්තිය හා වැළදීමේ ආකාරය නිශ්චිතව හඳුනා නොගත් වෛරසයක් පිළිබඳ චීනයෙන් වාර්තා වීමත් සමග ලෝකයේම අවධානය ඒ වෙත යොමු වී තිබේ.
මුලින් එම වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගත් නගරයෙන් ඔබ්බට අදාළ වෛරසය පැතිරී තිබෙනවා. ඉන්පසු කෙටිකාලයක් තුළ චීනයේ එම වෛරසය අසාදිතයින් ගණන 139 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුලින් වාර්තා විය. ඒ අතර තවත් මරණයක් ද වාර්තා වීමත් සමග එම වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ.
බීජිං හි සෞඛ්‍ය බලධාරීන්, ජනවාරි 20 වන සඳුදා තවත් කොරෝනා වෛරස් රෝගීන් දෙදෙනෙකු හමුවූ බව සනාථ කළ අතර ගුවාංඩොං බලධාරීන් ෂෙන්සෙන් හි එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇත. ඒ සමගම එම අද්භූත වෛරසය වුහාන් වලින් ඔබ්බට දේශීයව පැතිරී ඇති බවට බලධාරීන් විසින් තහවුරු කරනු ලැබිණි. මරණයට පත්වූ ආසාදිතයින් තිදෙනාම වුහාන් වෙත පැමිණි අය බව විශ්වාස කෙරේ.
සෙනසුරාදා සහ ඉරිදා දිනවල නව රෝගීන් 136 දෙනෙකු හඳුනාගෙන ඇති බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ජනවාරි 20 වන සඳුදා නිවේදනය කළේය. ඉන් එක් අයෙකු වෛරසයෙන් මියගොස් ඇති අතර දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර එයින් 33 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති.
මෙම නව සිද්ධීන් මගින් චීනයේ වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනාගෙන ඇති මුළු සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් ඇති අතර සති අන්තයේ 62කු වාර්තා වීම සැලකිය යුතු වැඩි වීමක් ලෙස සැලකේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජනවාරි 19 වන ඉරිදා කියා සිටියේ නව වෛරසය “සීමිත ලෙස මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය” වීම පිළිබඳ සාක්ෂි පවතින බවයි. එය කලාපීය වශයෙන් දැඩි අවදානමක් ඇතිවීමේ බිය මතු වී ඇති බවත් සඳහන් කර තිබේ. නිවාඩු කාලය තුළ සාමාන්‍යයෙන් රට පුරා සහ විදේශයන් හී චීන සංචාරකයින් මිලියන ගණනක් සැරිසරනා බව දැකගත හැකිය.
පසුගිය සතිය වන විට, චීනයෙන් පිටතදී අදාළ වෛරසය ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු අනාවරණය විය. ඒ තායිලන්තයේ දෙදෙනෙක් සහ ජපානයේ එක් අයෙක් ලෙසයි. සියලුම දෙනා චීනයේ වුහාන් සමඟ සම්බන්ධ වූ අය වූ බව ද අනාවරණය වී ඇත.
ජනවාරි 20 වන සඳුදා දකුණු කොරියාව ද මෙම වෛරසය පිළිබඳ පළමු සිද්ධිය තහවුරු කළේය. දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වුහාන් සිට දකුණු කොරියාවේ සෝල් හි ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ජනවාරි 19 වන ඉරිදා පැමිණීමෙන් පසු උෂ්ණත්ව පරීක්ෂාවකින් ඒ බව අනාවරණය විය. ඇය නිරෝධායනය කර ඇති අතර ස්ථාවර තත්ත්වයේ පසුවන බව දකුණු කොරියානු සෞක්‍ය බලධාරීන් පවසයි.
චීනයේ වුහාන්හි පදිංචි මෙම කාන්තාව තවත් පස් දෙනෙකු සමඟ දකුණු කොරියාවේ සහ ජපානයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කර තිබුණි. දකුණු කොරියානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව ජනවාරි 18 වන සෙනසුරාදා තමාට උණ සහ මාංශ පේශි වේදනාවක් ඇති වූ බව අදාළ කාන්තාව පවසා ඇති අතර වුහාන් හි වෛද්‍යවරයකු විසින් ඖෂධ නියම කරන ඇතැයිද කියැවේ. චීනයේ මේ කාලයේ අලුත් අවුරුදු නිවාඩු කාලය ගෙවී යන අතර චීන ජාතිකයින් මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ විදේශ ගත වී ඇතැයි ගණන් බලා තිබේ.
“චීන සංචාරකයින් අලුත් අවුරුදු නිවාඩුව තුළ ඔවුන්ගේ විදේශ සංචාර සිදුකිරීම හේතුවෙන් ඉදිරි දිනවලදී ආසියාවේ තවත් බොහෝ රටවලට වෛරසය ගෙන එනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි හොංකොං චීන විශ්ව විද්‍යාලයේ ශ්වසන විශේෂඥ මහාචාර්ය ඩේවිඩ් හුයි ෂු-චියොන්ග් අනතුරු අඟවා තිබෙනවා.

මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

