විදේශීය මාධ්‍ය ජාලයක කොළඹ වාර්තාකරුවෙකු ලෙස සේවය කළ මාධ්‍යවේදී අසාම් අමීන් හා රන්ජන් රාමනායක අතර සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක හඬපටයක් නිකුත් වීමත් සමග එම මාධ්‍ය ආයතනය හා අසාම් අමීන් අතර සබඳතාවය අවසන් වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය විසින් එකිනෙකට පරස්පර කරුණු වාර්තා කර තිබෙනවා. අසාම් අමීන් හට සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී සේවය අවසන් කළ බව ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි එක් වාර්තාවක සඳහන්.
තවත් වාර්තාවක සඳහන් වන්නේ ජනවාරි 1 දින ඉල්ලා අස්වීමට අවශ්‍ය බව දන්වමින් අසාම් අමීන් විසින් ලිපියක් යොමු කර තිබුණද එය එම මාධ්‍ය ආයතනය විසින් පිළිනොගත්තත් පසුව හඬපටය සමග ඇති වූ තත්වය හේතුවෙන් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන ඇති බවයි. එම ආයතනය වෙත අසාම් අමීන් තහවුරු කර ඇත්තේ තවදුරටත් එම විදේශීය ආයතනය සමග සබඳතාවයක් නොමැති බවයි.
මේ අතර තවත් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ අසාම් අමීන්, සිරස මාධ්‍ය ආයතනය සමඟ සම්බන්ධ වීමට තීරණය කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන්ද පරස්පර මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර එක් වාර්තාවක දැක්වෙන්නේ සිරස මාධ්‍ය ජාලය සමග සම්බන්ධ වීමේ අරමුණින් අසාම් අමීන් තමන් සේවය කළ විදේශීය මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා අස්වීමට කළ ඉල්ලීමක් පසුව පිළිගෙන ඇති බවයි. තවත් වාර්තාවක දැක්වෙන්නේ විදේශීය මාධ්‍ය ජාලයෙන් ඉවත් කළ පසු දේශීය මාධ්‍ය ආයතනය වෙත සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී ඇති බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අසාම් අමීන් විසින් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර සිය නිල ට්විටර් ගිණුමේ අදාළ විදේශීය මාධ්‍ය ආයතනයේ දැරූ තනතුර ඉවත් කර තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක.
සමාජ ජාල තුළ ජනප්‍රිය මාධ්‍යවේදියෙකු ලෙස සැළකෙන අසාම් අමීන්, විශාල පරිශීලකයින් පිරිසක් අත්කරගෙන සිටින අතර Twitter ගිණුමේ 230,000කට අධික පිරිසක් හා Facebook පිටුවේ 160,000කට ආසන්න පරිශීලකයින් පිරිසක් ඔහු වටා සිටී.
සම්බන්ධිත පුවත්
හඬපට නිසා මාධ්‍යවේදියෙකු අමාරුවක

