උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ජනවාරි 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
ඒ අනුව ජනවාරි 21 දින පස්වරු 1.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.
“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාවට නැංවිම යටතේ මුස්ලිම්වරුන්ගේ පෞද්ගලික නීති ක්‍රමය ප්‍රතික්ෂේප කර එය අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් ගෙන ආ ලෙසම උඩරට විවාහ හා දික්කසාද පනතත් අහෝසි කිරීම අත්‍යාවශ්‍ය බව රතන හිමියන් පෙන්වා දෙති.
රට තුළ පවතින සියළුම පෞද්ගලික නීති ක්‍රම ඉවත් කර සියලු දෙනාට බලපාන එක් නීති ක්‍රමයක් පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි පෞද්ගලික නීති අහෝසි කර දැමීමට පුද්ගලික වශයෙන්ම ඉදිරිපත් වූ බව ඒ හිමියන් පවසති.
රතන හිමියන් විසින් මීට පෙර මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අහෝසි කිරීමටද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සම්බන්ධිත පුවත්
මුස්ලිම් විවාහ පනත අවලංගු කරන්න රතන හිමිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

