රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනවාරි 21 දින පාර්ලිමේන්තු සභාවට පැමිණ සිටියා.
විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට රන්ජන් රාමනායක උත්සාහ කළ අවස්ථාවේ ඊට ඉඩ නොලැබීම හේතුවෙන් පසුව එජාපයට හිමි කාලයෙන් ඊට කාලය ලබා දී තිබේ. ඒ අනුව මේ වන විට ඔහු සිය විශේෂ ප්‍රකාශය කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ප්‍රකාශයක් කරන්න පැමිණි රන්ජන්ට පාර්ලිමේන්තුවේදී ඉඩ නොලැබෙයි
එහිදී මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට උත්සාහ කිරීමේ දී කතානායක කරූ ජයසූරිය විසින් එය වලක්වමින් කියා සිටියේ සභා වාරයක් අතරතුර ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවයි. එලෙස ප්‍රකාශයක් සිදු කිරීම සම්ප්‍රදායට අනුව සිදුකළ නොහැකි බවත් කතානායකවරයා දැනුම් දුන්නා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට කිසියම් ප්‍රකාශයක් ලබා දියු යුතුව තිබේ නම් එය ලිඛිතව බාරදෙන ලෙස ද කතානායකවරය දන්වා සිටියා.

