දේශපාලන

එජාප මන්ත්‍රී ජයම්පති ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්න කුමාරසිරි ජනවාරි 22 දින පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආන්දෝලනාත්මක 19 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළ මන්ත්‍රීවරයෙකි. එමෙන්ව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වෙනුවෙන් ද කැප වී කටයුතු කළ අයෙකි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළේය.

සමසමාජ පක්ෂය සමග දේශපාලන කටයුතු ආරම්භ කළ ඔහු පසුව එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරයි.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන ඔහු 2001 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කර තිබේ. පේරාදේණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයෙක් බවට පත්ව තිබේ. රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධියක් හා මානව හිමිකම් පිළිබඳ ආචාර්ය උපාධියක් ද ජයම්පති වික්‍රමරත්න ලබාගෙන තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top