දේශපාලන

ආචාර්ය ජයම්පතිගේ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය නම් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු අසුනට රජයේ හෙද සේවා සංගමයේ හා ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය නම් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් මීට අදාළ ලිපිය මැතිවරණ කොමිසම වෙත යවා ඇතැයි ද සඳහන්.

ගාල්ල රේවත ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපතිවරයා ලෙස ද ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. 2015 ජනාධිපතිවරණයේ දී සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ඔහු පුරවැසි බලය සංවිධානය නියෝජනය කරයි.

Rivira FB Group Rivira Youtube
To Top