අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න
අල්ලස් කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදුකර තිබේ. මෙම පත් කිරීම ජනවාරි 21 වනදා සිට ක්‍රියාත්මක වන බව කොමිසම ප්‍රකාශ කළේය.
කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න, පසුගිය සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස පත් කර තිබේ.