“පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී” රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් “කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට” හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාටත්, හිරු මාධ්‍ය ජාලයටත්, පසුගියදා චෝදනා කර සිටියා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රේනෝ සිල්වා එම මන්ත්‍රීවරුන්ට අභියෝගයක් එල්ල කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
උපුටා ගැනීම:
“ජනතාවට සේවය කරන බව පවසමින් ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙකලා, ඉතා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ එම ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ප්‍රකාශ කරනවා.
රේනෝ සිල්වා, ඔවුන්ට අභියෝග කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කාඞ්බෝඩ් වීරයින් සේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී, හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසයි.
එසේ වුවහොත් එම මොහොතේදීම අධිකරණය ඉදිරියේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා ඕනෑකමින්, සූදානම්ව සිටින බව ද, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා අවධාරණය කළා.
කිසිදු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව, තම කීර්ති නාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනයක වන්දි ඉල්ලා මේ වනවිටත් එන්තරවාසි යවා ඇති බව රේනෝ සිල්වා සඳහන් කළා.
කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත්, එලෙස ප්‍රකාශයන් නිකුත් කළ සැණින් තම කීර්ති නාමයට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත්, රේනෝ සිල්වා මෙම මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා.”
උපුටා ගැනීම අවසන්.

