දේශීය පුවත්

කෝටි 27ක් වැය කරමින් සකස් කළ බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද , ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද “වෝහාරික විගණන වාර්තාව” සභාගත කිරීමට කථානායක කරූ ජයසූරිය ජනවාරි 23 කටයුතු කළේය.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට කිසිදු බාධාවක් නොවන බවට තමා විශ්වාස කරන බවද කතානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වෝහාරික විගණන වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ලැබී තිබුණු අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබූ අතර පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එය සභාගත කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර , ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කර ඒ සදහා දිනයක් ලබා දෙන බවද කතානායකවරයා පැවසීය.

Forensic Audit Report RFP 1… by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top