ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සඳහා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගිවිසුමකට අත්සන් කෙරීණි. එහෙත් එම සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපතිවරණයෙන් පසු පවත්වා නොමැති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් දිගින් දිගටම සඳහන් කරන්නේ ඉදිරි මහමැතිවරණයට තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා පොහොට්ටුව ලකුණින් බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර දිගින් දිගටම අවධාරණය කර සිටින්නේ එළැඹි ගිවිසුම ප්‍රකාරව නව සන්ධානයෙන් හා නව ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. එසේ නොවුනහොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් බවත් ඔහු ප්‍රකාශ කරනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ සමග හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග වෙන වෙනම ගිවිසුම්වලට එළැඹි අතර ශ්‍රීලනිප මහලේකම්වරයා කියා සිටින්නේ එළැඹි ගිවිසුම් ප්‍රකාරව නව සන්ධානයක් ද පිහිටුවා ගත් බවයි. “ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය” එලෙස පිහිටුවා ගත් සන්ධානය වන අතර එහි ලකුණ ලෙස “පුටුව” යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති විය.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ පාක්ෂිකයින්ගේ ඉල්ලීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීම බවයි. එසේ නොවුනහොත් එය පාක්ෂිකයාගේ සිත් රිදවීමක් බවද ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටී. ශෙහාන් සේමසිංහ, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, කාංචන විජේසේකර යන රාජ්‍ය අමාත්‍යවරුන් ද පොහොට්ටුවෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව එම ප්‍රදේශවල පැවති රැස්වීම් අමතමින් කියා සිටි අතර එය පාක්ෂිකයාගේ ඉල්ලීම බවද සඳහන් කර තිබේ.
සන්ධානයකින් තරඟ කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන පොදුජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ දේශපාලනඥයින්ද බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මේ තත්වය තුළ ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන ලැයිස්තුව සැකසීමේ දී බොහෝ ගැටළු ඇතිවිය හැකි බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. පොහොට්ටුව නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවලට පත් වී සිටින සභාපතිවරුන්, නගරාධිපතිවරුන් රැසක් ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරීමේ අපේක්ෂාවෙන් දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටින බව ද වාර්තා වේ. මීට අමතරව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ආසන සංවිධායකයින් ලෙස පත් කර ඇති පුද්ගලයින් කිසිවෙකු දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර ඔවුන් ද නාමයෝජනා අපේක්ෂාවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මීට අමතරව වියත්මග, එළිය වැනි සිවිල් සංවිධාන නියෝජිතයින්ද, නළු නිලියන් ද, හමුදා නිලධාරීන් ද, ක්‍රිකට් ක්‍රීඩකයින් ද නාම යෝජනා අපේක්ෂාවෙන් සිටී.

