රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයට අදාළ වෛද්‍ය සහතිකය ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කර ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සලසා තිබෙන බව වාර්තා වේ. මෙම සේවාව ජනවාරි 27 දින සිට ලබාගත හැක.
අදාළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ
නිල වෙබ් අඩවිය වන www.ntmi.lk යන වෙබ් ලිපිනයට පිවිස Online Appointments යටතේ වෛද්‍ය පරීක්ෂණ සඳහා ලියාපදිංචි විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එහිදී වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටිය යුතු දිනය හා වේලාව ඔබට ලබා ගත හැකි අතර එහි සඳහන් වේලාවට අදාළ ස්ථානයට ගොස් වෛද්‍ය සහතික ලබා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යංශය කියා සිටී.
එම වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට අදාළව අය කරන ගාස්තු සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සපයන අනෙකුත් සේවාවන් සඳහා අය කරන ගාස්තු ද ඉහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දැනගැනීමේ හැකියාව ද පවතී.
මීට අමතරව රියදුරු බලපත්‍ර නිකුත් කරන වේරහැර ඇතුළු මධ්‍යස්ථානවලදී එක්දින සේවය යටතේ අයදුම්පත්‍රය ඉදිරිපත් කළ පසු රියදුරු බලපත්‍රය නිකුත් කරන වේලාව හා ස්ථානය කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.
පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ ස්ථාන වෙත ගොස් ලබා දුන් උපදෙස් අනුව මාසයක් ගත වීමට පෙර මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර ඉදිරියේ දී මීට අදාළව තවත් පහසුකම් රැසක් සැළසීමට නියමිත බව ද මගී ප්‍රවාහන අමාත්‍යංශ ප්‍රකාශ කර සිටී. මෙම කටයුතු අධීක්ෂණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත ජනාධිපතිවරයා විසින් පවරා තිබේ.

