දේශීය පුවත්

සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි දෙදෙනාට මරණ තර්ජන

“සුදුවෑන් මාධ්‍ය හමුව” සඳහා සහභාගී කරවූ රියදුරන් බව කියූ දෙදෙනාට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔවුන් පවසනවා.

ජනවාරි 27 සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් ඔවුන් පවසන්නේ අදාළ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් “සැබෑ තොරතුරු හෙළිදරව් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට සම්බන්ධ පිරිස් විසින් තමන්ට මරණීය තර්ජන එල්ලකරන” බවයි.

“සුදු වෑන් රියදුරෙකු” ලෙස අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී පෙනී සිටි අතුල මදනායක අදහස් දක්වමින් කියා සිටියේ “ඇප ලැබීමෙන් පසු සත්‍ය හෙළිදරව් කිරීමට තවත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින්” සිටි බවයි. එහිදී “සත්‍ය හෙළිදරව් කරන බව ඇප ලැබීමෙන් පසු ප්‍රකාශ කළ” බව ද ඔහු පැවසීය. එහෙත් “මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ නිවැරදි කිරීමක් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බලපෑම් කරමින් සිටින” බව ද ඔහු පැවසුවේය.

ඔහු පවසන පරිදි “කොටහේනේ සාන්ත නැමති වැලිකඩ බන්ධනාගරයේ සිටින පාතාල කල්ලි සාමජිකයෙකු” බව කියන අයෙකු විසින් දුරකථනය ඔස්සේ ඔහු අමතා ඇති අතර එහිදී අදාළ “මාධ්‍ය සාකච්ඡාව නිවැදි කරන්න එපා” යැයි කියා ඇති අතර එසේ “නිවැරදි කරොත් උසාවි දිනයට අධිකරණයට එන්නට එපා. එහෙම අවෝත් ගෙරද සුදු කොඩි එල්ලනවා” යැයි ප්‍රකාශ කළ බව පැවසුවේ ය.

මේ අතර අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජනවාරි 27 සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබේ.

සම්බන්ධිත පුවත්
සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධ නඩුවේ සියළු තොරතුරු

Rivira FB Group Rivira Youtube
To Top