රසරැස

කාගේත් කතාබහට ලක්වූ ප්‍රියංකාගේ ඇඳුම

ජනප්‍රිය යුවළක් වන ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් 2020 ග්‍රැමීස් සම්මාන උළෙලට සහභාගී වී තිබුණා. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ස්ටේප්ල්ස් මධ්‍යස්ථානයේ 62 සම්මාන රාත්‍රිය පැවති අතර එය සංගීත ක්ෂේත්‍රයේ විශාලතම සම්මාන රාත්‍රිය ලෙස සළකනු ලබනවා. චාරිත්‍රානුකූලව රතු පළස මත ගන්නා ජායාරූප සඳහා රතු පළස මතින් පැමිණි ප්‍රියංකා සහ නික්‌ වෙත සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා.

ප්‍රියංකාගේ ඇඳුම එහිදී කාගේත් සිත් ගත් විලාසිතාවක් වූ අතර වරෙක ජෙනිෆර් ලෝපේස් ඇඳි ගවුමට සමාන ගවුමක් ප්‍රියංකා ඇඳ සිටීම කාගේත් කහබහට ලක්වූ කාරණයක් උනා.

වසර 20කට පෙර ග්‍රැමීස් සම්මාන රාත්‍රියටම ජෙනිෆර් ලෝපේස් එම ඇඳුම ඇඳ තිබුණා. ඒ 2000 වසරේ පැවති සම්මාන රාත්‍රියටයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top