දේශීය පුවත්

MCC ගිවිසුම ගැන රජය විසින් ලාංකිකයින්ගේ අදහස් විමසයි, ඔබේ අදහසත් දැන්ම කියන්න

මිලේනියම් චැලේන්ජ් කෝර්පරේෂන් ගිවිසුම හෙවත් එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට රජය තීරණය කර ඇත.

එම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව විසින් මහජන මතය වීමසීම වැදගත් බව තීරණය කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සළසා තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කර තිබුණි. එහිදී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අන්තර්ගතය, එහි තිබිය හැකි බලපෑම් පිළිබඳ යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් සහ උදහස් තොරතුරු, ඇගයීම් හෝ යෝජනා විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව මේ අනුව උදාකර තිබේ.

ඒ අනුව 2020 පෙබරවාරි මස 15 වන දිනට පෙර “සභාපති, එම්.සි.සි.ගිවිසුම අධ්‍යයනය සඳහා වු කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 03.” යන ලිපිනයට තැපැල් මගින් අදහස් දැක්වීමට හැකිය. ඊට අමතරව mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් මගින් අදහස් දැක්වීමේ අවස්ථාව ද ලබා දී ඇති බව අගමැති කාර්යාලය නිවේදනය කර සිටී.

ඉදිරිපත් කරන අදහස් හා යෝජනා අනුව වැඩිදුර තොරතුරු විමසීමේ අවශ්‍යතාවක් ඇති බවට කමිටුව තීරණය කළ හොත් කමිටුව ඉදිරියේ අදහස් දැක්විමේ අවස්ථාවක් ද ලබාදීමට තීරණය කර ඇති බව අගමැති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top