හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සහ ගිනි අවි 10ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හොරණ, බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා උදෑසන සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය මුලින් කිලෝග්‍රෑම් 150ක් බව වාර්තා වුවද පසුව නැවත කිරා බැලීමේ දී හෙළිදරව් වී ඇත්තේ එහි හෙරොයින් කිලෝග්‍රෑම් 192ක තොගයක් අඩංගු බවයි. මීට අමතරව පිස්තෝල වර්ගයේ ගිනි අවි 10ක් සහ
ජීව මැගසින් 19ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
මෙය විශේෂ වැටලීමක් ලෙස සිදුකළ බවද පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර විශේෂ විමර්ශන අංශය විසින් ම ඉදිරි පරීක්ෂණ සිදුකරන බව ද පොලීසිය සඳහන් කරයි.
මෙය මේ වසරේ දැනට වාර්තා වූ විශාලතම හෙරොයින් අත්අඩංගුවට ගැනීම් අතරට එක්වන සිදුවීමක් බවද වාර්තා වේ.

