කොරෝනා-වෛරසය ආසාදිත බව තහවුරු කළ පළමු රෝගියා ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
වුහාන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු ඉන්දියාවේ කේරලයට පැමිණ ඇති අතර ඔහුට එම වෛරසය ආසාදිත වී ඇති බව ජනවාරි 30 දින ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.
අදාළ රෝගියා කේරලයේ පිහිටි රෝහලක හුදකලා ලෙස තබා ඇති අතර මෙතෙක් ස්ථාවර තත්වයෙන් පසුවන බවත් සියුම් අධීක්ෂණයකට ලක්කර තිබෙන බවත් එම පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මීට පෙර ඉන්දියාවේ සැක සහිත පුද්ගලයින් 3කු සිටින බව වාර්තා වූ අතර පසුව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියේ ඔවුන් තිදෙනාම කොරෝනා වෛරසය ආසාදනය වූවන් නොවන බවයි.
මුල් වරට කොරෝනා-වෛරස අසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු ඉන්දියාවෙන්ද වාර්තා වී තිබූණේ ජනවාරි 24 දිනයි. ඉන්පසු තවත් දෙදෙනෙකු පිළිබඳ සැක කළ ද ඔවුන් තිදෙනාම වෛසරය ආසාදනය නොවන අය බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට පැවති රෝගී තත්ත්වයන්ගෙන්ද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

