චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එයින් ඉවත් කරගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සළසා දීමට චීන රජය කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, ජනවාරි 30 දින සඳහන් කළේ, හුබෙයි ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයෙන් සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තර විමසීම් සිදුකරමින් සිටින බවයි.

