දේශපාලන

මාස 60ක් ඇදේ ගිය රට දින 60න් කෙලින් කරා – රාජ්‍ය ඇමති සේමසිංහ

මාස 60ක් තිස්සේ අයාලේ ගිය රටක් දින 60ක් තුළ නිවැරදි දිශානතියට හරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේය.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජනවාරි 30 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලයේ උත්සවයකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ඉතාමත් පසුගාමී තත්ත්වයකට පත් ව තිබූ බවත් හොඳ ජීවත් තත්වයක් තිබූ ජනතාව පවා පීඩාවට පත් කිරීමට පසුගිය පාලනය කටයුතු කර තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පැවැති පාලනය පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ කෙරේ ජනතාව විශ්වාසය තැබීමේ යහපත් ප්‍රතිඵල මේ වන විටත් ජනතාවට ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

Rivira FB Group Rivira Youtube
To Top