විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සන්ධානය යටතේ වියතුන් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ප්‍රකාශ කළේය.
ගාල්ල බද්දේගම පැවති ජනහමුවකට සහභාගී වෙමින් පෙබරවාරි 1 වැනි දින ඔහු මේ බව සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවට උගත් පුද්ගලයින් යැවීමේ අවශ්‍යතාවයක් ඇති බවත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනඟන නව සන්ධානය හරහා පාර්ලිමේන්තු යවන්නේ උගත් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළ ඉතිහාසයේ සිටම ඉහළ තනතුරු දරා ඇත්තේ උගතුන් බවත් උගතුන්ගේ තේරීම එක්සත් ජාතික පක්ෂය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
-ගාල්ල කණිෂ්ක ද සිල්වා

