දේශීය පුවත්

අර්ධ සුඛෝපභෝගී ගාස්තු අය කරන සාමාන්‍ය බස්රථ නිසා ජනතාව දැඩි අපහසුතාවයකට

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය වහාම නැවැත්වීමට තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර 2019 දෙසැම්බර් මස සඳහන් කළ ද මෙතෙක් එම තීරණය ක්‍රියාත්මක වී නැත.

එහෙත් මේ වන විට සාමාන්‍ය බස් රථ ද, තාවකාලික අර්ධ සුඛෝපභෝගී බලපත්‍ර යටතේ ධාවනය කෙරෙන බව හෙළි වී තිබෙනවා. බොහෝ විට එවැනි බස්රථවල පිටතින් එය අර්ධ සුඛෝපභෝගී බස්රථයක් බව සඳහන් නොවී තිබෙන අතර මගීන් ඊට ගොඩ වී ටිකට්පත්‍ර ගැනීමේ දී අපහසුතාවයට ලක්වන සිදුවීම් වාර්තා වී තිබෙනවා.

එහෙත් මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථ ඒ බව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව හා එසේ නොවන විට නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.

නමුත් මගීන් පවසන්නේ කිනම් හේතුවක් මත හෝ සාමාන්‍ය බස්රථවලට අර්ධ සුඛෝපභෝගී බලපත්‍ර තාවකාලිකව නිකුත් කිරීම කිසිඳු පදනමක් නැති දූෂිත ක්‍රියාවලියක් බවයි. අර්ධ සුඛෝපභෝගී බස්රථ අපදාවකට ලක්ව ඇති විටෙක හෝ ඒ වෙනුවට සාමාන්‍ය බස් රථයක් ආදේශ කරමින් අර්ධ සුඛෝපභෝගී ගාස්තු අය කිරීමට ඉඩ දීම පාරිභෝගික මගී ජනතාවට දැඩි අපහසුතාවයක් බව ද මගීන් කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top