Foreign

ලන්ඩන් නුවර නැවතත් පිහි ඇනුම්

දකුණු ලන්ඩනයේ කාර්යබහුල වීදියක් වන මහා වීදියේ පිහි ඇනුමක් සිදුව ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 2 එරට වේලාවෙන් දහවල් 2ට පමණ සිදුවූ පිහි ඇනුමෙන් පුද්ගලයින් රැසකට හානි වී ඇතැයි සැක කෙරේ. පිහි ඇනුම් සිදුකළ පුද්ගලයා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු යැයි සැක කෙරෙන බවත් ඔහු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගනු ලබන කබායකින් සැරසී සිටි බවත් එරට පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ ඡායාරූප වලින් දැක්වෙන්නේ පදික වේදිකාවේ “පන නැති සිරුරක් සහිත” මුහුණකි.

සිදුවීමෙන් පැයකට පමණ පසු ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් ලන්ඩන් හී සිදු වූ මිනීමැරුම ත්‍රස්තවාදයට සම්බන්ධ සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ප්‍රදේශය පොලිසීය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට වසා දමා තිබෙනවා.

මෙට්‍රොපොලිටන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ස්ට්‍රීට්හැම්හි දී සන්නද්ධ නිලධාරීන් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති” බවයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

සිදු වී ඇති හානිය ගණනය කරමින් පවතින බව ද මෙට්‍රොපොලිටන් පොලීසිය කියයි.

දෙදෙනෙකුට මරු කැඳවූ ලංඩන් පාලම මත සිදුවූ පිහි ඇනුමෙන් තුන් මාසයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී තිබීම ද විශේෂ තත්ත්වයකි.

සම්බන්ධිත පුවත්
ලන්ඩන් පාලම හෙල්ලූ ත්‍රස්තයා හඳුනාගැනේ

Rivira FB Group Rivira Youtube
To Top