ලංකා විදුලිබල මණ්ඩලයට සැපයූ ඉන්ධන සඳහා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙබරවාරි 3 වන සඳුදා දින සිට කෙරවළපිටිය බලාගාරයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව එම බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ද හදිසියේ ඇණ හිට තිබේ.
උද්ගත වූ තත්ත්වය මත විදුලි බල මණ්ඩලය තීරණය කර තිබුණේ දිනකට පැය දෙකක කාලයක් රට කලාප 4කට බෙදමින් විදුලිය සැපයීම අත්හිටුවීමටයි. මේ සමග ඇති වූ තත්වය පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාට වාර්තා වීමත් සමග වහාම අදාළ පාර්ශව සමග රැස්වීමක් කැඳවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර කටයුතු කර තිබේ.
එහිදී තීරණය කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයීම අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාට නියෝග කර තිබේ.
ඒ අනුව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධ නැවතත් සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලිබල කප්පාදුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වුවත් පවතින වැසි රහිත කාලගුණික තත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් යුක්තව භාවිතා කරන ලෙස ද විදුලිබල අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

