හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ගොඩනැගීමට යෝජිතන නව සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කර තිබේ.
මේ බව පෙබරවාරි 3 වන සඳුදා දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ එම සන්ධානයේ මහලේකම්වරයා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ නම යෝජනා කර සිටි බවයි.

