දේශපාලන

ජන ප්‍රසාදය දිනූ චරිත ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුනු ජාතික ජනබලවේගය 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ බව තහවුරු කර සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජාතික ජනබලවේගය මේ වන විට තව දුරටත් පුළුල් කරමින් තවත් සිවිල් සංවිධාන හා ජාතික බලවේග සමග එක්වෙමින් පුළුල් පෙරමුණක් ලෙස 2020 මහමැතිවරණයට ඉදිරිපත් වන බවයි එහි නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.

මෙහිදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජන ප්‍රසාදයට ලක්වූ විශිෂ්ඨ පුද්ගලයින් රැසක් ඉදිරිපත් කරන බවද ඔවුන් ජයග්‍රහණය කරවීමට අවශ්‍ය කටයුතු කරන බව ද ජාතික ජනබලවේගය අවධාරණය කර සිටිනවා.

මෙහිදී රට පිළිගත් හිටපු රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් ඇතුළු ජනප්‍රසාදයක් හිමිකරගත් චරිත සමගින් මැතිවරණයට ඉදිරිපත් වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීම තම ප්‍රධාන අරමුණ බව ජාතික ජනබලවේගය කියා සිටිනවා.

ජනතාවගේ චින්තනය අලුත් කරමින් රට නව දිශාවකට ‌යොමුකිරීමට සමත් පිරිසක් පාර්ලිමේන්තුවට ‌තෝරාපත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ‌මේ වන විටත් ජනතාව දැනුවත් කරමින් සිටින බව ඔවුන් කියා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
To Top