ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රට පුරා උත්සව සංවිධානය කර තිබුණි. එහෙත් යාපනය සරසවියේ තත්වය මීට හාත්පසින් ෙවෙනස් ස්වාභාවයක් ඉසිලීය.
දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පෙබරවාරි 4 අඟහරුවාදා දින සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා විරෝධය පළ කර තිබුණි.
30 වසරක යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ ජනතාවට ඇති වූ ගැටළු වලට සාධාරණ විසඳුම් නොලැබුණු තත්වයක් තුළ සැමරිය යුතු තරම් නිදහස් දෙමළ ජනතාවට අත්ව නැති බව තීරණය කර ඇති ඔවුන් ජාතික නිදහස් දිනය සැමරීමෙන් වැළකීමටත්, ඊට විරෝධය පළ කිරීමටත් තීරණය කර තිබුණි.
ඒ අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම, හමුදාව විසින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, දෙමළ ජනතාවගේ මුල් ඉඩම් නොලැබීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ පිළිබඳ නිවැරදි වාර්තා ලබා නොදීම වැනි ඔවුන් විසින් ගැටලු බවට නම් කර ඇති ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුම් නොලැබුුණු බව කියමින් මෙලෙස 72 වන ජාතික නිදහස් දිනය කළු නිදහස් දිනයක් සේ සළකා කළු කොඩි එසවීමට යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තීරණය කර තිබුණි.
එහි ප්‍රදර්ශනය කර තිබූ එක් බැනරයක සටහන් කර තිබුණේ “සිංහල ජාතියේ නිදහස් දිනය, දමිළ ජාතියේ කළු දිනයක්” බවයි.




