ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ යුතු බවට රජයට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් කොළඹ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කර තිබේ.
එහි දී එම ස්ථානයේ රැස්ව සිටි බොහෝ දෙනෙකු කොලයක් දෙස බලාගෙන ජාතික ගීය ගායනා කරන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඊට සහභාගී වී සිටි දෙමළ ජාතිකයින් බොහෝ පිරිසක් ද කොලය දෙස බලාගෙන ජාතික ගීය ගායනා කරන අයුරු එහි දැක්විණි. මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ ද අවධානය යොමුව ඇති අතර ඔවුන් විමසා සිටින්නේ “මතකයෙන් කිව නොහැකි ජාතික ගීයක අරුත කුමක් ද” යන්නයි. තවත් පිරිසක් විමසා සිටින්නේ “එම ස්ථානයේ සිටි සිංහල පිරිස් අදාළ දමිළ ගීය ලියාගෙන තිබුණේ දෙමළ බසින් ද” යන්නයි.
නමුත් තවත් පිරිසක් විමසා සිටින්නේ “සිංහල ජාතික ගීය ම දමිළ භාෂාවෙන් ගැයීමේ වරද කුමක්ද” යන්නයි. ඔවුන් පවසන්නේ එය දමිළ ජනතාවට හිතට දැනෙන පරිදි ගායනා කිරීමට නම් ගීතය දමිළ භාෂාවෙන් ද තිබිය යුතු බවයි.
වීඩියෝව උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවියෙන්

