දේශීය පුවත්

වව්නතිව් හී දී තවත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ

වව්නතිව් පොලිස් වසමේ දී නැවතත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

පෙබරවාරි 6 බ්‍රහස්පතින්ද දින වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ දී මෙලෙස පොලිස් නිලධාරියෙක් ඝාතනය කර තිබේ. මේ බව බ්‍රහස්පතින්දා උදෑසන වව්නතිව් පොලීසිය වෙත ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමක් මගින් මූලිකව හෙළි වී තිබෙන අතර ඒ මත විමර්ශන ආරම්භ කරමින් වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී 55 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු ඝාතනයට ලක්ව සිට ඇති බව හෙළිදරව් වී තිබේ. ඔහු වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන
ලද පොලිස් සැරයන්වරයෙකු බවට ද කරුණු අනාවරණය වී ඇත.

මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා මඩකලපුව මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තෙක් මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති බවත් වව්නතිව් පොලිසීය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

2018 වර්ෂයේ දී ද වව්නතිව් පොලිසියට අනියුක්තව පොලිස් මුරපොලක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය විය. පසුව ඒ සම්බන්ධයෙන් එල්ටීටීඊ සැකකරුවන්ට චෝදනා එල්ල වුවද පසුව හෙළිදරව් වී තිබුණේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමක් විසින් අදාළ ඝාතනය සිදුකළ බවයි.

Rivira FB Group Rivira Youtube
To Top