දේශීය පුවත්

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල, බිරිඳ සමග CIDයට බාර වෙයි

නීතිපතිවරයාගේ නියෝගයක් මත පොලීසිය විසින් ලබාගත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න හා ඔහුගේ බිරිඳ පෙබරවාරි 6 බ්‍රහස්පතින්දා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාර වී තිබේ.

ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී මේ විට ප්‍රකාශ ලබාදෙමින් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියා.

ශ්‍රීලක්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී “ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක්” ලබාගත් බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් වරෙන්තුව ප්‍රකාරව කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අද දිනයේ ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top