දේශපාලන

සජිත්ගේ හැසිරීමට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක්

විපක්ෂ නායක ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිය විරෝධය පළ කර සිටියා.

පෙබරවාරි 6 වන බ්‍රහස්පතින්ද පැවැති සැසියේ දී සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ ආකාරයට මෙලෙස විරෝධය පළ වී තිබෙනවා. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නිමල් ලන්සා එම හැසිරීම වැරදි බවත් ඔහු ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශයක් බවත් පෙන්වා දී තිබෙනවා.

එහිදී නියෝජ්‍ය කතානායක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිද එම ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවත් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් පෙන්වා දුන්නා.

වීඩියෝව පහතින්. වීඩියෝව උපුටා ගැනීම හිරු ටීවී වෙතිනි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top