ජපානයේ යොකොහාමා හි “ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින අතර ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
පෙබරවාරි 18 දින නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සනන් නෞකාව අයත් සමාගම සමඟ සමීප සම්බන්ධීකරණයක නිරතව සිටින බවයි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන බවත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ සබඳතා අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මේ වන විට පුද්ගලයින් එම නෞකාවේ සිටි 454 දෙනෙකුට නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.
නෞකාවෙන් මගීන් බැහැර කිරීම සඳහා දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනු ඇති බව එම සමාගම විසින් දැන්වූ බවත් ඒ අනුව එම කාලය පෙබරවාරි 19 සහ 20 වන විට අවසන් වන බවත් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් අවශ්‍යතාවය අනුව තවත් කාල සීමාවක් නිරෝධායනය කරනු ලැබීමට නියමිත බවද එම සමාගම දන්වා ඇත.

