නව කොරෝනා වෛරසය චීනයට ඇති කළ බලපෑම හේතුවෙන් සිය සමාගමේ ජංගම දුරකථන ආදායමට බලපෑම් එල්ල විය හැකි බව ඇපල් සමාගම ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් අයිෆොන් නිෂ්පාදනයට සහ අලෙවියට බලපෑම් ඇති බවත්, “ලොව පුරා අයිෆෝන් සැපයුම තාවකාලිකව සීමා කරනු ඇති” බවත් එම සමාගම පවසනවා.
වෛරසයේ බලපෑම තම මූල්‍ය තත්වයන්ට බලපාන බවට ප්‍රථම වරට හෙළි කළ ඇමරිකානු සමාගම වන්නේ තාක්ෂණ ලෝකයේ දැවැන්තයා වන ඇපල් සමාගමයි. වත්මන් කාර්තුවේදී ඩොලර් බිලියන 67 ක් දක්වා වාර්තාගත ආදායමක් පුරෝකථනය කර ඇති ඇපල් සමාගම, එහි ඇති විය හැකි හානිය හෙළි නොකළේය.නමුත්, ඔවුන් නිවේදනය මඟින් දන්වා සිටින්නේ “මාර්තු කාර්තුව සඳහා අප විසින් සපයන ලද ආදායම් මාර්ගෝපදේශනය සපුරාලීමට අපි අපේක්ෂා නොකරමු,” බලාපොරොත්තු වූවාට වඩා “සාමාන්‍ය තත්වයන්ට මන්දගාමී ප්‍රතිලාභයක් අත්විඳින” බවයි.
චීනයේ මේ වන විට බොහෝ වෙළඳසැල් වසා දමා ඇති අතර අනෙකුත් ඒවා විවෘතව තබන්නේ පැය කිහිපයකට පමණක් නිසා අයිෆෝන් අලෙවිය පහත යනු ඇතැයි ඇපල් සමාගම අපේක්ෂා කරන බව ඔවුන් එම නිවේදනයේ සඳහන් කරයි. ඔවුන් සඳහන් කරන්නේ “අපගේ අයිෆෝන් නිෂ්පාදන හවුල්කාර අඩවි හියුබේ පළාතෙන් පිටත පිහිටා ඇති අතර – මෙම සියලු පහසුකම් නැවත විවෘත කර ඇති අතර – ඒවා අප අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සෙමින් ඉහළ යමින් තිබේ. චීනයේ අපගේ සියලුම වෙළඳසැල් සහ අපගේ හවුල්කාර වෙළඳසැල් බොහොමයක් වසා දමා ඇත. මීට අමතරව, විවෘතව ඇති වෙළඳසැල් අඩු පැය ගණනක සහ ඉතා අඩු පාරිභෝගික ගමනාගමනයකින් යුතුව ක්‍රියාත්මක වේ. අපි ක්‍රමයෙන් අපගේ සිල්ලර වෙළඳසැල් නැවත විවෘත කරමින් සිටිමු. අපට හැකි තරම් ස්ථාවර හා ආරක්ෂිතව එය දිගටම කරගෙන යනු ඇත.” බවයි.
මීට අමතරව, ලොව විශාලතම උපාංග සඳහා වන වෙළඳපොල වන චීනයේ පළමු කාර්තුවේදී වෛරසය ස්මාර්ට්ෆෝන් සඳහා ඇති ඉල්ලුම අඩකින් අඩු කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් ගණන් බලා තිබේ. මෝටර් රථ කර්මාන්තය යනු එහි සැපයුම් දාමයට ඇති බාධාව හේතුවෙන් බලපෑමට ලක්වූ තවත් අංශයකි. පසුගිය සතියේ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදක ජේසීබී කියා සිටියේ චීනයේ සැපයුම් හිඟයක් හේතුවෙන් එක්සත් රාජධානියේ නිෂ්පාදනය අඩු කරන බවයි.
මේ වන විට අදාළ ප්‍රදේශයෙන් පිටත නව වෛරස් රෝගීන් පසුගිය දින 13 තිස්සේ අඩු වෙමින් පවතී. සඳුදා නිවේදනය කරන ලද හුබෙයි නගරයෙන් පිටත වෛරසය ආසාදිත රෝගීන් 115 ක් වාර්තා වූ අතර එය සතියකට පෙර 450 කට ආසන්න ප්‍රමාණයකි.
කර්මාන්තශාලා සහ සාප්පු යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වේ යැයි බලාපොරොත්තු තිබියදීත්, ඇපල් සමාගමේ අනතුරු ඇඟවීම මගින් කොරොන වයිරසයෙන් චීනයේ ආර්ථිකයට බරපතල ලෙස බලපානු ඇති බවට නැවත වරක් අවධාරණය කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසා ඇත්තේ ගෝලීය වර්ධනයට සියයට 0.1-0.2 ක පමණ කප්පාදුවක් සිදුවිය හැකි නමුත් වෛරසයේ ආර්ථික බලපෑම පිළිබඳ බොහෝ අවිනිශ්චිතතාවයන් පවතින බවයි.

