පසුගිය 15 වන සෙනසුරාදා අවසන් වුණ බොලිවුඩයේ සම්මාන රාත්‍රිය වූ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය රන්වීර් සිං ලබා ගත්තා. නමුත් ඇසෑමයේ පැවති සම්මාන උළෙලට ඔහුගේ බිරිඳ වූ බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දීපිකා පදුකෝන් හට සහභාගී වීමට නොහැකි වුනා.
රන්වීර් සිං විසින් සිය සම්මානය ලබා ගත් මොහොතේ දීත් තම බිරිඳ නොමැති අඩුව ගැන මතක් කිරීමක් ද සිදු කළා. කෙසේ වෙතත්, ඔහු ලබා ගත් සම්මානය දීපිකා අත දරා සිටින මොහොත ඡායාරූපයට නඟා බෙදා ගැනීමට අමතක කළේ නැහැ. ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපය පළ කර තිබුණේ “When my Little lady met my Black lady.” Her smile and the glow on her face is proof how happy she is.” යන කැප්ෂන් එක සහිතවයි.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ නිළිය ඇතුළු සම්මාන 10ක් ලබා ගැනීමට සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගලි බෝයි’ චිත්‍රපටය සමත් වුනා. එහි ප්‍රධාන චරිත රඟදක්වන රන්වීර් සිංට හොඳම නළුවා සම්මානයත් ආලියා බාත් ට හොඳම නිළිය සම්මානයත් හිමි වුනා.

