දේශීය පුවත්

පාස්කු පරීක්ෂණ ගැන අගරදගුරුතුමන් කලකිරීමෙන්

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කිසිවක් පිළිබඳ තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

කොළඹ පිහිටි අගරදගුරු නිල නිවසේදී පෙබරවාරි 18 දින කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් කොමිෂන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය කිරීම වෙනුවට සත්‍ය යටපත් කිරීම සිදුකරමින් සිටින බව උන්වහන්සේ චෝදනා කළහ.

එමෙන්ම විශේෂයෙන් පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටු මගින් පරීක්ෂණ යටපත් කරමින් තිබියදීත් මෙරට ආරක්ෂක අංශ විසින් විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීම පිළිබඳවද උන්වහන්සේ සිය අප්‍රසාදය පළ කළහ.

දැනට විවිධ කොමිෂන්වලින් සහ කමිටු තුළින් සිදුව ඇත්තේ වැරදිකරුවන් සොයා බැලීම නොවන අතර වැරදිකරුවන් බවට චෝදනා එල්ල වූ පිරිස් නිදහස් කිරීම බවද එම මාධ්‍ය හමුවේ දී සඳහන් විය.

Rivira FB Group Rivira Youtube
To Top