දේශීය පුවත්

කටුනායක අධිවේගී මාර්ගය නැවත විවෘත කෙරේ

හදිසි ගිනි ගැනීමක් සිදුවීම හේතුවෙන් ඇතිවූ දුමාරයක් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කටුනායක දක්වා මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබු අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ මෙම ගිනි ගැනීම සිදු වී ඇත.

මේ ගින්න හේතුවෙන් ඇති වු දුමාරය නිසා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා කොටස වාහන ගමනා ගමනයට තාවකාලිකව නවතා දැමීමට පෙබරවාරි 20 දහවල් කටයුතු කළේය.

කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ අංශය සහ ජාඇල නගර සභාවේ ගිනි නිවීමේ අංශ ගින්න මැඩ පවත්වා තිබුණත් දුමාරය බොහෝ වේලාවක් පැතිරී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top