“2015 වසරේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව නිසා මේ රටට සතපහක පාඩුවක් වුණේ නැහැ” යි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා 19 වන බදදා දින පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.
එහිදි මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා සඳහන් කළේ, “පාර්ලිමේන්තුවේ වගකිවයුතු මන්ත්‍රිවරු, ඇමැතිවරු මේ වාර්තාවේ නෛතික කාරණා වෙනත් වාර්තා හා සම්බන්ධ කරලා කතා කරනවා. මේ වෝහාරික වාර්තාව සම්පාදනය කරලා තියෙන්නේ පිළිගත් ආයතනයක්.
මේ බැඳුම්කර වංචාව කියන වචනය පවා ජනතාව පාවිච්චි කළේ අපට විරුද්ධව පාවිච්චි කරන දේශපාලන ආයුධයක් හැටියටයි. “
“මේ බැඳුම්කර නිකුතු පවුල් ජාලයක් (පවුල් ගහක්) විසින් අයථා ලෙස පාවිච්චි කරපු ආකාරය මේ වාර්තාවෙන් දැක්වෙනවා. බිලියන 10.4කට අධික මුදලක්.
සේවක අර්ථසාධක අරමුදලේ වැඩ කරන ජනතාවගේ සල්ලි ක්‍රමානුකූලව මංකොල්ලකාපු හැටි විස්තරාත්මකව තිබෙනවා. ඒකයි මේ බය වෙලා ඉන්නේ.”
“පවුල් ගහ සහ හිතමිතුරු කල්ලිය විසින් සේවක අර්ථසාධක මුදලට කරපු අපරාධයට ඉංග්‍රීසියෙන් කියන්න වචනයක් නැහැ. වසර 5ක් තිස්සේ විනාශ කරලා තියෙන්නේ. දේශපාලන සබඳකම් ඇතිව කරපු දෙයක් නෙවෙයි.
මහ බැංකුවේ අධිපති පෞද්ගලික ගනුදෙනුවලටත් සම්බන්ධ වෙලා තියෙනවා.” “එකම දේවල් කතා කරලා අමතක කරලා දාන්න නෙවෙයි අවශ්‍යතාව තියෙන්නේ. අනාගතයේදීවත් මෙවන් මංකොල්ලයක් සිදුනොවෙන්නට කටයුතු කරන්නයි ඕනේ.” යැයි පැවසුවා.

