ජාතික ජන බලවේගය 2020 මහමැතිවරණයෙන් ඉහළ ජයක් අරමුණු කරගෙන සිය දේශපාලන ව්‍යාපාරය නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීම එහි අරමුණ බවද ඒ සඳහා සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
එළැඹෙන මහමැතිවරණයෙන් වත්මන් රජය යළි බලයට පත්වීම සිදුවන හරහා නැවතත් රට 2005-2015 වැනි කාලසීමාවකට පත්වීම වැළැක්වීමේ අරමුණින් නව වැඩ පිළිවෙළ සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග කියා සිටී. ඒ සඳහා රටට වැඩදායී පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැදගත් බවද ඔවුන් පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාවතට අවතීර්ණ වීමට අකමැත්තක් දක්වන පුද්ගලයින්ට ද ජාතික ජන බලවේගය සමග එක්විය හැකි ආකාරයට ජනතාවට විශ්වාසය තැබිය හැකි පුද්ගලයින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය තෙක් සටන් කිරීමට ඔවුන් මේ වන විටත් තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ හේතුවෙන් එම පාක්ෂිකයින් කලකිරී සිටීමත්, එජාපයේ සිටින පුද්ගලයින්ද අන්ත දූෂිත බව ජනතාවට සනාත වී තිබීමත් නිසා රට වෙනුවෙන් තෝරා ගැනීමට විකල්පයක් ලෙස ජාතික ජන බලවේගය ඉදිරිපත් වීමට නියමිත බවයි ආරංචි මාර්ග පැවසුවේ.
ඒ අනුව රට පිළිගත් මහාචාර්යවරුන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් හා විද්වතුන් ජාතික ජන බලවේගය ඔස්සේ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම මෙම සැළැස්මේ අරමුණ බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
-විශේෂ වාර්තාකරුවෙකු විසින්

