ප්‍රධාන පක්ෂ දෙක අතර සැමවිටම ඇත්තේ “ඩීල් දේශපාලනයක්” බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසනවා. ඔහු පවසන්නේ වර්තමාන ආණ්ඩුව සහ විපක්ෂය අතර ද එම “ඩීල් දේශපාලනය” පවතින බවයි.
පෙබරවාරි 21 අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකට දී වසන්ත සමරසිංහ මේ බව සඳහන් කළා. “පහුගිය කාලේ පුරාවටම මහින්ද කල්ලිය රැක්කේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙන්නා. දැන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකකම පවා අහිමිව තිබුණත් පාර්ලිමේන්තුව තුළ කාර්යාලයක් දීලා තිබෙනවා. ඒ වගේම හිටපු අගමැතිගේ ආරක්ෂාවට බව කියලා ආරක්ෂක අංශ සාමාජිකයින් 200කින් සමන්විත ආරක්ෂාවක් දීලා තියෙනවා. ඊට අමතරව වාහන 8කුත් ලබා දීලා තියෙනවා. මේ හැමදේම දීලා තියෙන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ.” යැයි වසන්ත සමරසිංහ සඳහන් කළා. “ඩීල් පොලිටික්ස්” යන්න සඳහා මීට වඩා උදාහරණ අවශ්‍ය නැති බවද ඔහු අවධාරණය කළා.
“රනිල් බලයේ ඉන්නකල් මහින්ද හා පවුල රැක්කා. දැන් මහින්ද ඇවිල්ලා රනිල් හා මිතුරු කැළ රකිනවා.” යැයිද ඔහු ප්‍රකාශ කළා. එබැවින් රටට දැන් නිවැරදි විපක්ෂයක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය පවතින බවත් එක්සත් ජාතික පක්ෂයට එය සිදුකළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

