මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස පෙබරිවාරි 23 ඉරිදා විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව එම අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන ආකාරය සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද, කඩවත සිට මත්තල දක්වා රුපියල් 850 ක්ද කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක්ද ලෙස ගාස්තු අය කෙරේ.
ඇක්සල දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද, කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 ක්ද, කොට්ටාවේ සිට මත්තල දක්නා රුපියල් 1400 ක්ද ලෙස ගාස්තු අයකෙරෙන බව සඳහන්.
ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක්ද, කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක්ද සහ කොට්ටාව සිට මත්තලට රුපියල් 2400 ක්ද ලෙස ගාස්තු අයකරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරන බවද සඳහන් වේ.

