තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදි ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් ,බිම් මට්ටමේ සියලූම දෙනාට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලු දෙනාට ආදරයෙන් ආරාධනා කර සිටින බවට විපක්ෂ නායකවරයා පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ 24 වැනි සඳුදා දින පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
”පසුගිය සති දහතුනට ගම්පෙරළිය නතර කළා.එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නතර කළා. ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල අහිමි කළා. වැටුප් වැඩි කිරීම නතර කළා. විශ්‍රාමික වැටුප් විෂමතා නැති කිරීම නතර කළා. නිල ඇදුම් කප්පාදු කළා.
මෙහෙම දහසකුත් එකක් සහන සහ සංවර්ධන ක්‍රීයා නතර කළා. ජනතා සහන නැති කරලා,සංවර්ධනය නැති කරලා ගිනස් වාර්තාවක් ආණ්ඩුව තිබ්බා”
මේ අතර අගමැතිවරයා ඉන්දියාවට ගොස් ණය විරාමයක් දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදි අදහස් පළ කළා.
”අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කීවා ණය විරාමයක් දෙන්න කියලා. ඒක බලලා චීනෙත් ඒ විරාමය දෙයි කියලා ඔහු කීවා.
හැබැයි එහෙම කියලා ලංකාවට ඇවිත් පාර්ලිමේන්තුවට ගේනවා ණය සීමා ඉහළ දාන යෝජනා අපි ඒකට විරුද්ධයි.”’
”අවුරුදු කන්න ජනතාවට සහන දෙන්න විපක්ෂය ඉඩ දෙන්නේ නෑ කියනවානම් ඒක බොරුවක්.ජනතාව ගොනාට අන්දන්න හදන වැඩක්.
සති දහතුනක් අයවැය නොගෙනාවේ ඇයි. අපි බලන් හිටියා ජනතාවාදි අයවැයක් ගෙනෙයි කියලා.ඒ වගේම අපි ඊට සහය දෙන්නත් බලාගෙන හිටියා.නමුත් ගෙනාවේ නෑ. අද ආණ්ඩුව ඉතාම දුර්වල මූල්‍ය කළමණාකරනයක යෙදිලා.සෑම ක්ශෙත්‍රයක්ම ව්‍යාකූලත්වයට පත්වෙලා. බොරු බේගල් හදන හෙඩ් ලයින් නිර්මාණය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා”’

