දේශීය පුවත්

නීතිඥ ප්‍රේම්නාත් දොලවත්ත අගමැති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කෙරේ

අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ ප්‍රේම්නාත් දොලවත්ත පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මීට අදාළ පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේ දී පෙබරවාරි 26 දින ප්‍රදානය කර තිබෙනවා.

සත්‍ය ගවේෂකයෝ නම් සංවිධානයක කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් යහපාලන රජය යටතේ සිදුවී ඇතැයි කියූ නීති කඩවීම් සම්බන්ධයෙන් ඔහු නිරන්තරයෙන් නීතිය ක්‍රියාත්මක කරවීම සඳහා කටයුතු කළ නීතිඥවරයෙකි. මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයට කරවීමේ මැතිවරණ ව්‍යාපාරයටද සම්බන්ධ වූ වෘත්තිකයෙකුද වේ.

ඔහු කොළම ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top