බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහි දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 10ක් තුළ බිඳ දැමීමට ශෙල්ඩන් කොට්‍රේල් සමත් විය. එහෙත් 3 වැනි කඩුල්ලට ලකුණු 239ක සම්බන්ධතාවයක් පවත්වමින් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශතක ලබා ගැනීමට සමත් විය. එම සම්බන්ධතාවය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 3 වැනි කඩුල්ලට ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම සම්බන්ධතාවයයි. 3 වැනි කඩුල්ල ලෙස පන්දු 119කදී ලකුණු 119ක් රැස්කළ කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර 4 වැනි කඩුල්ල ලෙස පන්දු 123කදී ලකුණු 127ක් රැස්කළ අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේය. අද රැස් කළ ශතකය කුසල් මෙන්ඩිස්ගේ එක්දින දිවියේ දෙවැනි ශතකයයි. සිය 16 වැනි එක්දින ක්‍රීඩා තරඟයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු රැස්කළ ශතකය ඔහුගේ එක්දින දිවියේ දෙවැනි ශතකය වන අතර එම ශතක දෙකම ලබා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු 345 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයයි.

