ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
රජය විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි වූ බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී 28 වැනි සිකුරාදා දින පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබුණි.
එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් හා ජෝන් අමතරතුංග යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩී.සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගී වී ඇත.

