මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම මන්නාරම, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවද උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන අධික මහන්සිය, විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබේ.
එමෙන්ම තවදුරටත් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වයන් පිළිබඳ ද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ජනතාව දැනුවත් කර තිබේ.

