දේශපාලන

එජාප අර්බුධය උග්‍රයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පොහොට්ටුවට

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ උග්‍ර වීම හේතුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පොහොට්ටුව හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් එම සියළු දෙනාට පොහොට්ටුවෙන් අවස්ථාව ලබා දීමට හැකියාවක් නැති බවද ඔවුන් කියා සිටී. දැනටමත් නාම යෝජනා ලැයිස්තු පිරී ඉතිරී තිබීම හේතුවෙන් තවත් පාර්ශවයකට නාම යෝජනා ලබා දීම අසීරු බව ඔවුන් පවසයි. එහෙත් එජාපයෙන් පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පමණ අවස්ථාව ලබා දීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් බරපතල චෝදනා එල්ල වී ඇති එජාප මන්ත්‍රීවරුන් හා රවුෆ් හකීම්, රිශාඩ් බදුර්දීන් යන අයද කිසිවිටෙක පොහොට්ටුවට එක් නොකරගන්නා බවට දැනටමත් තීරණය කර ඇතැයිද සඳහන්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් මත නිවැරදි දේශපාලන දැක්මක් එම පක්ෂයට නොමැති වී තිබීම ඊට හේතුවූ බව ඔහු පවසා තිබෙනවා. ඔහුට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට එකඟත්වයද පළ කර ඇති බව සඳහන්. ඔහුට පුද්ගලිකව ඇති ජන පදනම සළකා එම තීරණය ගෙන තිබේ.

මීට අමතරව තවත් ඉහළ පෙළේ ජන ප්‍රසාදයක් හිමිකරගෙන සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද පොහොට්ටුව සළකා බලමින් සිටින බව වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top