2020 මහමැතිවරණය

Breaking News – පාර්ලිමේන්තුව විසුරුවා හැරේ. ගැසට් නිවේදනය මෙන්න

8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බර් මස 2 වැනි දිනයි. ඒ අනුව වසර 4 1/2ක් සපිරෙන 2019 මාර්තු 1 දින මධ්‍යම රාත්‍රී 12න් පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබුණා.

ඒ අනුව මාර්තු 2 මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අංක 2165/8 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නාම යෝජනා කැඳවීම මාර්තු 12ත් 19ත් අතර සිදු කෙරෙනු ඇත. මහමැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමටත් 9 වැනි පාර්ලිමේන්තුව මැයි 14 කැඳවීමටත් ඉන් නියෝග කර ඇත.

අංක 2165/8 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය

2019 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ නීතියෙන් ඉඩ ලැබෙන පළමු මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනමතයත් සමග තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගැලපෙන කණ්ඩායමක් පත් කරගන්නා බවයි. ඒ අනුව ඉන් පසුවත් රජය නිල වශයෙන්ම කියා සිටියේ මාර්තු 2 මධ්‍යම රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.

මාර්තු 2 දින උදෑසන ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර 9 වැනි පාර්ලිමේන්තුව පත් කරගැනීම සඳහා විධානය කරනු ලබන ගැසට් පත්‍රය සූදානම් කර ජනාධිපතිවරයාගේ අත්සනට යොමුකර ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අත්සන ලැබුණු වහාම එය රජයේ මුද්‍රණාලයට යොමුකරන බවද එම වාර්තා කියා සිටියා. රජයේ මුද්‍රණාලයාධිපති ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාගේ නියෝගය ලැබෙන ඕනෑම මොහොතක ඒ අනුව කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටින්නේ අදාළ ගැසට් නිවේදනයෙන් මැතිවරණය පැවැත්වීම සඳහා යෝජනා කර ඇත්තේ අප්‍රේල් 25 දින බවයි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය දිනය එකම ගැසට් පත්‍රයේ සඳහන් කරනු ඇත.

තවද තෝරා පත්කරගැනීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුව මැයි මස පළමු සතියේ රැස් වීමට ද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top