කොවිඩ්-19 කොරෝනා වෛරසය වැළඳුනු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී ඇති බවද වාර්තා වේ.
මෙලෙස වෛරසය වැළඳී ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකට බවත් ඇය බ්‍රේශියා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ. ඇය මේ වන විට යහපත් තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

