දේශීය පුවත්

කොරියාවෙන්, ඉතාලියෙන්, ඉරානයෙන් එන විදේශිකයින් දින 15 නිරෝධායනයකට ලක් කෙරේ

කොවිඩ්-19 පැතිරී යාම උග්‍ර වීම හේතුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය මාර්තු 3 පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ වෛරසය සීඝ්‍ර ලෙස පැතිරී ඇති රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම දෙනා දින 15 නිරෝධායන කාල සීමාවකට යටත්ව රට තුළට ඇතුළ් කර ගැනීමට තීරණය කළ බවයි.

ඒ අනුව දකුණු කොරියාව, චීනය, ඉතාලිය, ඉරානය ඇතුළු එවැනි රටවලින් එන සියළුම විදේශිකයින් සහ ගුවන් තොටුපලේ දී සැක සහිත බව තීරණය කෙරෙන රෝගීන් මෙලෙස දින 15ක නිරෝධානය කාල සීමාවකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරියේ දී ඇති වන තතත්වයන් මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත් සූදානම් කර ඇති බවත් එහිදී සඳහන් කරා.

Rivira FB Group Rivira Youtube
To Top