දේශීය පුවත්

ඉන්ධන දීමනාව පවා ප්‍රමාණවත් නොවූ සැප වාහනය රේගු අධ්‍යක්ෂ ජනරාල් නැවත බාර දෙයි

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූ මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් තම ධූරය සඳහා වෙන් කර තිබූ අතිසුඛෝපභෝගී රථය මුදල් අමාත්‍යංශය වෙත බාර දී තිබෙනවා.

ඒ එම රථය භාවිතා කිරීම සඳහා ආයතන ප්‍රධානියෙකු ලෙස මසකට ලැබෙන ඉන්ධන ලීටර් 170 ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව දක්වමිනි.

ඒ අනුව අමාත්‍යංශය විසින් අඩු ඉන්ධන දහනයක් සහිත වාහනයක් ලබා දීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top