කොවිඩ්-19

කොරෝනා නිසා ඉතාලියේ සියළුම පාසල් ඉදිරි දින 10 දී වසා තැබේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සියලූ පාසල් 05 බ්‍රහස්පතින්දා දින සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම සියලුම ක්‍රිඩා ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපා රට වන්නේ ද ඉතාලියට වන අතර මේ වන විට ඉතාලිය තුළ පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම, ආසාදිතයින් 3089 දෙනෙකු ද වාර්තා වෙයි. ටඑම ආසාදිතයින්ගෙන් 1346 රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 1 065දෙනෙකු නිවෙස් තුල රැදෙමින් ප්‍රතිකාර ලබයි. එසේම රෝගීන් 295 දැඩි සත්කාර ඒකකයේ පසු වේ.

චීනයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද මේ වනවිට ඉතාලිය පත්ව තිබෙනවා.

චීනයෙන් ඊයේ දින තවත් රෝගීන් 139 සොයා ගත් අතර ඒ අනුව මුළු රෝගීන් 80 409 දක්වා වැඩි වූ අතර ඊයේ දින ද මරණ 31 වාර්තා වීමෙන් මුළු මරණ ප්‍රමාණය 3 012 ලෙස වාර්තා විය. මේ වනවිට දකුණු කොරියාවේ රෝගීන් 5 766 තෙක් ඉහළ ගොස් ඇති අතර මරණ 36 ක් වාර්තා වී ඇත. දැනට ලොව රටවල් පුරා ආසාදිතයින් 95 481ක් හා මරණ 3 285 වාර්තා වී ඇත.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8.3 ක මුදලක් මුදාහැරීම වෙනුවෙන් වූ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය සෙනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතයි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පළමු නව කොරෝනා මරණය ද ඊයේ (04) වාර්තා වුණා. වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් ලොස්ඇන්ජලිස් නුවරට සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර නව කොරෝනා වෛරසය හමුවේ ඊශ‍්‍රායලය රටවල් 05 ක් වෙනුවෙන් නව සංචාරක තහනමක් පනවා තිබෙනවා. එම තහනමට යටත් වන රටවල් වන්නේ ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤඤ්ය, ඔස්ටි‍්‍රයාව සහ ස්විට්සර්ලන්තයයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top