දේශීය පුවත්

හිටපු කතානායක කරූ ජයසූරියගෙන් විශිෂ්ඨ ආදර්ශයක්

8 වැනි පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය සමස්ථ දේශපාලඥයින් වෙත යහපත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ පසුගිය මාර්තු 2 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තම තනතුරට හිමි සියළු වරප්‍රසාද නැවත බාර දීමට කටයුතු කිරීමෙන්.

ඒ අනුව මාර්තු 3 දිනම සිය තනතුරට අදාළව හිමි වූ කතානායක නිල වාහනය හා ආරක්ෂක අංශවලට අයත් සියළු වාහන ද, පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති අනෙකුත් නැවත බාර දිය යුතු උපකරණද නැවත බාර දී තිබෙනවා. ඒ බව කතානායක මාධ්‍ය අංශය විසින් තහවුරු කර තිබෙනවා.

එලෙස බාරදිය යුතු බඩු බාහිරාදිය බාරදී පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් එහි සිටි සේවකයින් හමුවී තමන්ට ලබාදුන් සහයෝගයට ස්තූති කර තිබෙන බවද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව ඔහු එම කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කර තිබේ.

යහපාලන රජය සමයේ සිටි ඇතැම් ඇමතිවරුන් තවමත් තමන්ට තනතුරට අදාළව හිමිවූ වාහන සහ නිල නිවාස බාර දී නැති තත්වයක් තුළ කතානායකවරයා මෙවැනි ආදර්ශයක් ලබා දීම අගය කළ යුතු තත්වයකි. නවමත වාර්තා අනුව මෙතෙක් නිල නිවාස බාර නොදුන් යහපාලන ඇමතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top